Gossip News

අසභ්‍ය දර්ශනවලින් කෝටි ගාණක් හොයපු චීනා…

ජංගම යෙදුමක් හරහා අසභ්‍ය දේ ප්‍රවර්ධනය කරමින් බංග්ලාදේශය තුළ දී නීතිවිරෝධී ලෙස රැපියල් මිලියන ගණනක් ඉපැයීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සජීවීව අසභ්‍ය දර්ශන ඉදිරිපත් කරමින් සහ අසභ්‍ය කටයුතු සදහා පහසුකම් සපයමින් මෙම චීන ජාතිකයා විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාපාරය විසින් බංග්ලාදේශ ටකා බිලියන 1.08 ක් උපයා ඇතැයි එරට පොලසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ඩේලි සංග්‍රාම් පුවත්පත වාර්තා කර ඇත්තේ බංගලාදේශ ජාතිකයන් පිරිසක්ද සමග එක්ව මෙම අසභ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම හෙළිදරව්වත් සමගම බංගලාදේශ පොලිසිය එරට තුළ චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!