Gossip News

දොස්තරගේ මරණය අභිරහසක් – තොරතුරු රැසක් අතුරුදන්…

වර්ෂ 2020 මුල් භාගයේදී COVID-19 ආසාදන පිළිබඳව තම සගයන්ට අනතුරු ඇඟවූ චීනයේ අක්ෂි වෛද්‍යවරයෙකුගේ මරණය අභිරහසක් බව යළිත් සනාථ වී තිබේ.

ඒ වෛද්‍යවරයාගේ මරණය සිදු වූ වේලාවේ විෂමතාවයක් පෙන්නුම් කරන නවතම වාර්තාවක් නිව්යෝර්ක් ටයිම්ස් මගින් අනාවරණය කිරීමත් සමගයි.

වුහාන්හි 34 හැවිරිදි වෛද්‍ය ලී වෙන් ලියැන්ග් පෙබරවාරි මාසයේදී COVOID-19 ආසාදනයකින් මිය ගියේය.

රෝහලට අනුව, වෛද්‍ය ලී පෙබරවාරි 7 වන දින අලුයම 2:58 ට මිය ගිය නමුත්, ලි ගේ තත්ත්වය පිළිබඳ පරස්පර විරෝධී පණිවිඩ මාධ්‍ය ආයතනවල පළ වූයේ පෙබරවාරි 6 වනදා, එනම් ඔහු සවස 7:20 ට පමණ හෘදයාබාධයකට ලක් වූ දිනයේ සිට ය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව සමහර මාධ්‍ය ආයතන එම තොරතුරු පසුව මකා දමා තිබේ.

රාජ්‍ය ප්‍රකාශනයක් වන Life Times ප්‍රකාශ කළේ ඔහු රාත්‍රී 9:30 ට මිය ගිය බව වන අතර තවත් වාර්තාවක් පවසා තිබුණේ ඔහු පෙබරවාරි 7 වන දින රාත්‍රී 10:40 ට මිය ගිය බවයි.

වෛද්‍ය ලීගේ සගයෙකු සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, නිව්යෝර්ක් ටයිම්ස්හි දෘශ්‍ය විමර්ශන කණ්ඩායම ලී රෝහලේ සිටි කාල සීමාවේ පිළිබද වන ගැටලුව ඉස්මතු කර තිබේ.

වෛරසය ගැන අන් අයට අනතුරු ඇඟවීමට උත්සාහ කිරීම නිසා ලී ට බලධාරීන් විසින් දඬුවම් ලබා දී ඇති අතර, පසුව, දැඩි ලෙස රෝගාතුර විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!