Gossip News

අපේ නවකවදය වගේද සෞදියේ යෝගා…

සෞදියේ යෝගා කමිටුව සහ එරට විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය ඒකාබද්ධව එරට විශ්ව විද්‍යාල සදහා යෝගා පුහුණුව හදුන්වා දී තිබේ.

ඊට සමගාමීව යෝගා අභ්‍යාස පිළිබද දැනුවත් කිරීමේ දේශනයක් සෞදියේ විශ්ව විද්‍යාල නියෝජනය කරන සියලු පාර්ශව ආවරණය වන පරිදි ඉකුත්දා සංවිධාන කර තිබුණා.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා යෝගා පුහුණුව යන තේමාව යටතේ සෞදි යෝගා කමිටුව මෙම වැඩසටහන ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සමාජයේ සියලු කොටස් අතර යෝග භාවිතය ව්‍යාප්ත කිරීම සහ එදිනෙදා ජීවිතයේ භාවිතය සදහා යෝග අභ්‍යාස පුහුණුව හදුන්වා දීම මෙන්ම ඒ සදහා සියලු ජන කොටස් පෙළඹවීම සෞදි යෝගා කමිටුවේ අපේක්ෂාවයි.

සෞදි යෝගා පුහුණුකරුවන්ගේ පළමු කණ්ඩායමේ පුහුණු පාඨමාලාවක් සදහා ඉන්දියාවේ ආසියානු යෝගාසන ක්‍රීඩා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් ඉකුත්දා සෞවුදිය පැමිණ තිබේ.

යෝගා පුහුණු නිලධාරීන් කණ්ඩායමක් සෞවුදියට පැමිණි පළමු අවස්ථාව එය බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබේ

ඔවුන්ගේ පැමිණීමට සමගාමීව සෞදියේ විශ්ව විද්‍යාල සිසුන් සදහා යෝගා අභ්‍යාස හදුන්වා දීම ද සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් සදහා යෝගා හදුන්වා දීමෙ වැඩසටහන සදහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ සෞදි ක්‍රීඩා අමාත්‍යාංශයයි.

යෝගා අභ්‍යාස හදුන්වා දීම හරහා විශ්ව විද්‍යාල සිසුන්ගේ කායික හා මානසික් සෞඛ්‍ය වර්ධනය සෞදියේ අපේක්ෂා වී තිබේ.

එමෙන්ම දේශීය සහ ජාත්‍යන්තර යෝගා තරග සදහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට ද සෞදිය අපේක්ෂාවෙන් සිටී.

ඊට අමතරව එරට විශ්ව විද්‍යාල ක්‍රීඩා සහ ලීග් තරග සදහා වෘත්තිය මට්ටමේ යෝගාසන තරග පද්ධතියක් හදුන්වා දීමට හ සෞදිය අපේක්ෂාවෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!