Gossip

කඹුරුපිටියම කම්පා කරමින් මියගිය දරු තිදෙනාගේ පවුලේ ඉතිරි වූ එකම පුතා කියූ සංවේදී කතාව

“ගෑණි දාලා ගිය නිසා තමයි ඔය දරු පවුලම මේ විදියට විනාස වුණේ.”
කඹුරුපිටිය රන්සෑගොඩ ප්‍රදේශයේ දරු තිදෙනා එල්ලා පියා ද ගෙල වැළලාගෙන මිය ගිය සිද්ධිය පිළිබඳ සමහරුන් දරන්නේ එවැනි මතයකි.
“ඔය මිනිහා හම්බකරන සල්ලි බොන්න වියදම් කරනවා. ගෙදරට සලකන්නේ නෑ. ගෑනු කෙනා දලු කඩලා හම්බකරන සල්ලිත් බොන්න ඉල්ලලා රණ්ඩු කරනවා. බීලා ගෙදර ඇවිත් ගෑනිටයි, දරුවන්ටයි වද දෙනවා. ගෑනු මනුස්සයා ගෙදරින් යන්න ඇත්තේ ඉන්නම බැරි තැන තමයි.”
මේ… අසල්වාසී …… සමහරුන්ගේ අදහසයි.
කවුරු මොනවා කීවත් දැන් වෙන්නට තිබූ සියල්ල සිදු වී අවසානය. සොදුරු අනාගතයක් දෙස එබිකම් කරමින් සිටි ගැටවර වියේ පසු වූ දියණියන් දෙදෙනකුට සහ සසර කතරින් එතෙර වන්නට පාරමී පුරමින් සිටි බුද්ධ පුත්‍රයකුට අකාලයේ ජීවිත අහිමි වී අවසානය.
කඹුරුපිටියේ පියකු දරු තිදෙනා එල්ලා මරා ගෙළ වැලලාගෙන මිය ගිය පුවත ඇසූ සැවොම දැඩි කම්පනයට පත් වූහ. මීට මසකට පමණ පෙර මේ දරුවන්ගෙග් අම්මා නොඑසේ නම් බිරිය නිවෙස හැරගොස් අතුරුදන් වීම හේතුවෙන් පියා මෙලෙස දරුවන් ද මාරා දිවිනසා ගත් බවට පසුව වාර්ථා වූ අතර ඒ බව ඇසූ සැවොම මවට දොස් නගන්නටත් ශාප කරන්නටත් වූහ.
එහෙත්…. මේ ඛේදවාචකය පිළිබඳ තොරතුරු සොයා යාමේදී හෙළි වූයේ පියාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් මෙවැන්නකට මූලික හේතුªව වූ බවයි.
රන්සෑගොඩ, බෙරලිඅතුර, ගොඩගමහේන ප්‍රදේශයේ නිවෙසක් ගිනි ගන්නා බවට කුඹුරුපිටිය පොලිසියට තොරතුරක් ලැබුණේ පසුගිය විසිහය වැනිදා රාත්‍රී දහයාමාරට පමණය. ඒ… පොලිස් හදිසි ඇමතුම් 119 අංශයෙනි.
තොරතුර ලද වහාම 119 යතුරුපැදිය පිටත් කර හැරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. ගිනි ගන්නා නිවෙස වෙත ගිය 119 අංශයේ නිලධාරියා ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ගෙවත්තේ ගස්වල කිහිප දෙනෙකු එල්ලී මියගොස් සිටින බවය.
භයානක යමක් සිදුව ඇති බව වටහා ගත් ස්ථානාධිපති වරයා ද එම නිවෙස බලා පිටත්ව ගියේය. ඒ වනවිට අසල්වාසීහු ගෙවත්ත වටා එක් රොක්ව සිටියහ. ඒ රාත්‍රියේ අඳුර අතරින් පොලිස් කණ්ඩායම දුටුවේ එක් ගසක ළමයින් තිදෙනකු එල්ලී සිටින අයුරුත් ඒ අසල වූ උස කොස්් ගසක වැඩිහිටි පුද්ගලයකු ගෙළ වැලලාගෙන මියගොස් සිටින අයුරුත්ය.
එල්ලී සිටින දරු තිදෙනා අතරින් එක් අයකු සාමනේර හිමි නමකි. මෙලෙස මියගොස් තිබුණේ රන්සෑගොඩ, බෙරලිඅතුර, ගොඩගමහේන ලිපිනයේ පදිංචිව සිටි වික්‍රමතුංග ආරච්චි පතිරණනගේ පි‍්‍රයන්ත නම් වූ හතලිස් හතර හැවිරිදි පියාත්, දහසය හැවිරිදි කෞශල්‍යා සෙව්වන්දි නම් වූ පවුලේ වැඩිමල් දියණියත්, දස හැවිරිදි හිරුණි සෙව්වන්දි නම් වූ බාල දියණියත්, පවුලේ දෙවැනි පුතා වූ දාහතර හැවිරිදි රන්සෑගොඩ මංගල සාමනේර හිමිනමත්ය.
මෙම පවුලේ වැඩිමල් පුතෙකු ද සිටී. ඔහු රන්සෑගොඩ සුදන්ත හිමිය. දහනව වැනි වියේ පසුවන උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටී.
මියගිය සිව්දෙනා ගේ දේහ පිළිබඳ පැවති පස්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සිව් දෙනාම ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි. මියගියය පියා පිළිබඳ පැතිර ගිය සමහර කටකතා හේතුවෙන් මියගිය දැරියන් යම් ලිංගික අතවරයකට ලක්ව ඇද්දැයි යන්න ද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයට භාජනය විය. එහෙත්… එම දැරියන් දෙදෙනා කිසිම ආකාරයක ලිංගික අතවරයකට ගොදුරු වී නොමැති බව වෛද්‍යවරයාගේ නිගමනය විය.
එම නිගමනයට අනුව දැරියන් දෙදෙනා පියාගේ ලිංගික අතවරයට ලක් වූ බවටත් මව නිවෙසින් යන්නට ගියේ ඒ තත්ත්වය ඉවසා සිටිය නොහැකි නිසා බවටත් පැතිරී ගිය කට කතා බොරු බව තහවුරු විය.
එහෙත්.. මේ පියා දරු තිදෙනා මරා නොදැමුව ද දරුවන් ගෙල වැළලාගෙන ඇත්තේ පියාගේ කීම මත මෙන්ම ඔවුන් එල්ලා මරා ඇත්තේ පියා විසින් බව ද තහවුරු වී ඇත.
කුඩුවක දමා ආදරයෙන් සෑදූ සුනඛ සුරතලා ද මරා ළිඳට දමා තිබියදී මාතර සොකෝ අංශය විසින් සොයා ගැණිනි. එලෙසම ගෙවත්තේ රෙදි වැලක එල්ලා තිබූ ඉටි බෑගයක් ද සොකෝ අංශය විසින් සොයා ගත් අතර එහි ලියුම් කිහිපයක් ද ඡායාරූප කිහිපයක් ද විය.
එම ලියුමේ පියා හා දරුවන් විසින් මවට ලියූ ඒවාය. ඡායාරූප අතර මවගේත් පියාගේත් මංගල ඡායාරූප කිහිපයක් ද විය.
කටුමැටි ගසා උලු සෙවිලි කර සාදා තිබූ කුඩා නිවෙසේ වූ සියලු බඩු භාණ්ඩ එකක් වත් ඉතිරි නොවන ලෙසට ගිනි තබා විනාශ කර තිබිණි.
හමු වූ ලියුම් අතර වූ දරුවන් ලියූ ලියුම් වල සඳහන් වූයේ
“එකඟතාවයකට එන්න අපි අම්මා එනතුරු බලාගෙන සිටියා. ඒත්… අම්මා ආවේ නෑ. ඒක නිසා තාත්තගේ තීරණයට අපි එකඟ වෙනවා. අපි කැමැත්තෙන් මේ දේ කරගන්නවා.” ලෙසටය.
“අපේ තාත්තා කුලී වැඩ කරන්නේ. බැංකු ලෝන් දෙක තුනකුත් අරගෙන තිබුණා. ඒවා පියවන්න විදියක් නැති නිසා අම්මා රට යන්න සූදානම් වුණා. ඒත්…. තාත්තා එකට විරුද්ධ වුණා.”
“මීට මාසෙකට විතර කලින් අම්මා ගෙදරින් යන්න ගිහින් තිබුණා. අම්මා ගිය දවසෙම තාත්තා මට කතා කරලා කිව්වා. මම ආච්චි අම්මලාගේ ගෙදර ගිහින් බැලුවා. පුංචි අම්මලාගේ ගෙදරත් බැලුවා. එයාලා කිව්වා ඇවිත් දවස් දෙකක් වගේ ඉඳලා යන්න ගියා කියලා.”
“අම්මගේ ටෙලිෆෝන් එකත් දිගටම වැඩ කළේ නෑ. පොඩි හාමුදුරුවෝ ගෙදර වැඩියේ පසුගිය එකොළොස් වෙනිදා. අම්මා ගෙදරින් ගියාට පස්සේ තාත්තා පොඩි හාමුදුරුවන්ව ගෙදරට ගෙන්න ගත්තා.”
“අම්මා ගියාට පස්සේ තාත්තා මට දෙතුන් වතාවක්ම කෝල් කරලා කිව්වා කට්ටියම මරාගෙන මැරෙනවා කියලා.”
“පළවෙනි පාර කිව්වා. ඒත්…. මොකුත් වුනේ නෑ. දෙවැනි පාර කිව්වා. ඒත්… මොකුත් සිද්ධ වුනේ නෑ. ඒ නිසා මට හිතුණා තාත්තා තරහට දුකට මෙහෙම කිව්වට ඒ වගේ දෙයක් කරන එකක් නෑ කියලා.”
“ඔය සිද්ධිය වෙච්ච දවසේ රෑ නවයයි දහයට විතර තාත්තා මට කෝල් කළා. නංගිලයි පොඩි හාමුදුරුවොයි කතා කළා. තාත්තා කිව්වා අපි හතර දෙනාම මැරෙනවා කියලා. නංගිලයි පොඩි හාමුදුරුවොයි කිව්වා, අපේ අත් පා ගැට ගහලා තියෙන්නේ. අපි දැන් මැරෙන්න යන්නේ කියලා.”
“ඒත්… ඒ ගොල්ලො මට ඒක කිව්වේ සාමාන්‍ය විදියට. එහෙම මැරෙන්න යනවා නම් හෝ තාත්තා යමක් කරන්න යනවා නම් නංගිලා බය වෙනවා නේ. එහෙනම් කතා කරන්නේ බයෙන්නේ. ඒත්… සාමාන්‍ය විදියට කතා කරපු නිසා මම හිතුවා මීට කලින් වතාවල වගේ නිකම් කියන්නේ කියලා.”
“ඒත්…. පොලිසියෙන් කතා කරලා කිව්වට පස්සේ තමයි මම දැනගත්තේ එදා නම් ඇත්තමට තමයි කියලා තියෙන්නේ කියලා.”
“අම්මා ළඟ මගේ ෆෝන් අංකය තියෙනවා. මේ සිද්ධිය අම්මට ආරංචි වෙලා ඇති.. ඒත්… අම්මා මට කෝල් එකක් දුන්නේ වත් ආවේ වත් නෑ.”
මෙම පවුලේ වැඩිමල් දරුවා වන රන්සෑගොඩ සුදත්ත හිමි එලෙස සිද්ධිය විස්තර කළේය.
පොලිස් පරික්ෂණවලට අනුව මෙය ඉතා හොඳින් සැලසුම් කොට කළ ක්‍රියාවකි. දරු තිදෙනා එල්ලී සිටි ගසේ අතු සියල්ලම කපා දමා ඇත. ගහේ දෙබලය හරහා ලීයක් තබා බැඳ දෙපැත්තේ දරු තිදෙනා එල්ලා තිබිණි. එනම් වැඩිමල් දියණිය එක පසෙකත් බර සමතුලනය වන ලෙස බාල දරුවන් දෙදෙනා අනෙක් පස ද එල්ලා තිබිණි.
දරුවන් ඇඳි සහිත ප්ලාස්ටික් පුටු මත හිඳුවා දෑත් පිටුපසට කර ගැටගසා තංගුස් නූල් දෙපට බැගින් ගෙළ ට දමා පියා විසින් දරුවන් හිඳගෙන සිටි පුටුවලට පයින් ගසා ඇති බවක් දක්නට ඇත.
බාල දරුවන් දෙදෙනාගේ සිරුරු පුටු මත වැටී තිබුන අතර වැඩිමල් දියණියගේ සිරුර එල්ලෙමින් තිබිණි. ඊට හේතුව වන්නට ඇත්තේ බාල දරු දෙදෙනාගේ බර වැඩිමල් දරුවාට වඩා වැඩි වීම නිසා විය යුතුය.
දරුවන්ගේ දෑත් පිටුපසට කර බැඳ දමන්නට ඇත්තේ එල්ලෙන විට දෑත් වලින් ලණුවේ එල්ලී දිවි ගලවා ගැනීමට උත්සාහ කරනු ඇතැයි සිතුන නිසා විය යුතුය.
එහෙත්.. මේ ඛේදවාචකය ගැන අසන කාහටත් එක් ගැටලුවක් මතු වේ. ඒ…. මෙලෙස මරණය දැක දැක දරුවන් පැන නොගියේ හෝ කෑ ගැසුවේ නැත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි.
“වෙනදාටත් ළමයින්වයි අම්මවයි ගැට ගහලා, ඔය මනුස්සයා ගහනවලු. ළමයි බයටම තමයි බෙල්ල එල්ලනකම් පාඩුවේ ඉන්න ඇත්තේ.” ගම්මු එලෙස ද අදහස් ප්‍රකාශ කළහ. “ඔය මනුස්සයා කුලී වැඩ කරන්නේ. ඒකත් සතියකට දවසක් දෙකක් තමයි කරන්නේ.
අතට ලැබෙන තුට්ටු දෙකම වියදම් කරන්නේ බීමට. බිලා ගෙදර ඇවිත් ඔය දරුවන්ටයි, ගෑනිටයි හරියට හිරිහැර කරනවා.”
“ගේ ඇතුලෙන් නිතරම කෑ ගහනවා ඇහෙනවා. ඒත්… කවුරුත් බේරන්න යන්නේ නෑ. මොකද මිනිහා උදව්වට යන අයටත් බැනලා ගහන්න එනවා.”
“ඔය මනුස්සයා බීගෙන පාරේ එද්දී කවුරුත් කතාවට යන්නේ නෑ. මොකද කතාවට ගියොත් ගුටි කන්න තමයි වෙන්නේ. ගෙදර ගෑනු මනුස්සයා තමයි යන්තම් පවුල නඩත්තු කරගෙන හිටියේ.තේ දලු කඩන්න ගියා. දරුවන් නිසා හරියට දුක් මහන්සි වුණා. ඔය දූලා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉගෙන ගන්න වියදම් කළෙත් ගෑනු කෙනා. ඒ මනුස්සයා හම්බකරන සල්ලිත් බොන්න ඉල්ලලා රංඩු කරනවා. ඉන්නම බැරි තැන තමයි ගෙදරින් යන්න ඇත්තේ.”
මෙම පවුලේ තොරතුරු හොඳින් දන්නා අසල්වාසීන් පවසා සිටියේ එලෙසය.
පියාගේ අණින් ගෙළ වැලලාගත් දරු තිදෙනාගෙත් පියාගේත් මළ සිරුර භාර ගෙන තිබුනේ පියා ගේ පියා විසිනි. එනම් දරුවන්ගේ සීයා විසිනි. සාමණේර හිමි නමගේ සිරුර නිවෙසේ සාලයේ තැන්පත් කර තිබූ අතර පියාගේත් දියණියන් තිදෙනාගේත් සිරුරු නිවෙසින් පිට වහළයක් ගසා එක දිගට තැන්පත් කර තිබිණි.
මෙම ඛේදවාචකය ඇසූ ගම්මු පමණක් නොව අහල ගම් වල බොහෝ පිරිසක් ගොඩගමහේන ගමට එන්නට ඇත්තේ සිත්හි හටගත් දුක සෝකය මෙන්ම ආවේගය නිසා විය යුතුය.
ප්‍රවාහන පහසුකම් දුලබ ප්‍රදේශයක් වුවද වැල නොකැඩී මළ ගෙදරට සෙනඟ ගලා එනු දක්නට ලැබිණි. ඒ අතර දැරියන් ඉගෙනුම ලබන පාසලේ දරු දැරියන් මෙන්ම ගුරුවරුන් ද වූහ.
වැඩිමල් දැරිය මේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට සැරසෙමින් සිටියාය. බාල දියණිය මේ අගෝස්තුවේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටියාය. එහෙත්…… පියාගේ ක්‍රියාකලාපය මුල් කොටගෙන ඇති ව පවුල් ආරවුල හේතුවෙන් මේ දෙදෙනාටම අකාලයේ මිය පරලොව යන්නට සිද්ධ විය. පසුගිය විසි අට වැනිදා සවස මේ සිව්දෙනාගේ සිරුරු මිහිදන් කෙරිණි.
ඒ… සාමණේර හිමි නම එක වලකත්, පියා සහ දියණියන් දෙදෙනා එක් වලකත් ලෙසටය. අවසන් අවස්ථාවට එක් වූ සැමගේම දෑස් අග කඳුලක් රැඳී තිබෙනු දක්නට ලැබිණි. ඒ…. අහිසංක දරු තිදෙනා වෙනුවෙන් මිස පියා වෙනුවෙන් නම් නොවිය යුතුය.
රන්සෑන්ගොඩ සුදත්ත හිමියන් තමන්ගේ පවුලේ තමන්ට දැන් සිටිනා එකම පුද්ගලයා වන තම මව සොයා ගැනීමට උත්සහ දරනවා.
මෙම මරණවලට අම්මා වගකිවයුතු නැති බවයි උන්වහන්සේ පවසන්නේ.
“සිද්ධියට මාස එකහමාරකට පමණ කළිනුයි අම්මා නිවෙසින් ගිහින්න තියෙන්නේ. ඇය ගැන තොරතුරක් මේ වනතෙක් හොයාගන්න ලැබුණේ නෑ. අම්මා හිතනවා ඇති ඇය මේකට වගකියන්න ඕනේ කියලා. මමනම් එහෙම හිතන්නේ නෑ. මට දැන් පවුලෙන් ඉන්න එකම කෙනා අම්මා විතරයි. අම්මටත් මමයි ඉන්නේ. මැරෙන එක විසඳුමක් නෙවෙයි. අම්මා මාව හොයාගෙන එයි.. නැත්නම් මට කතා කරයි.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!