Gossip

හයිවේ එකේ ඩ්‍රයිව් කරන ගමන් ඩාන්ස් කරපු මේනකා මධුවන්තිට වැඩ වැරදුනු හැටි – වීඩියෝ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුක්කානම අතහැර නර්තනයක් ඉදිරිපත් කරමින් වාහනයක් පදවාගෙන ගිය රංගන ශිල්පිනී මේනකා මධුවන්තිට අධිකරණය විසින් අද රුපියල් 5000 ක දඩයක් නියම කර තිබෙනවා.
බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඩයම නියම කර තිබුණා.
කහතුඩුව හා බණ්ඩාරගම අතරදී ඇය සුක්කානම අතහැර නර්තනයේ යෙදෙමින් වාහනය පදවන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
ඒ බව දුටු පුද්ගලයෙක් ජනපතිට කියන්න වැඩසටහනට පැමිණිලි කර ඇති අතර පසුව බණ්ඩාරගම ගැලනිගම පොලිස් මුරපල මේ ගැන විමර්ශනය කර මේනකාව බණ්ඩාරගම පොලිසියට භාරදී අද අධිකරණයට ඉදිරිපත් දරමින් දඩයක් නියම කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!