News

ඔබෙත් ශරීරයේ බර වැඩිද..? එහෙමනම් බර අඩුකරගන්න ක්‍රමය මෙන්න

ගොරකා ආහාරයට ගැනීම මඟින් ශරීරයේ බර අඩු කර ගැනීමට හැකි බව හෙළිව තිබෙනවා.
මෙයින් ශරීරයේ බර ක්ෂණිකව අඩු නොවුනද එමගින් බර වැඩි වීම පාලනය වේ.
ගොරකා සුදු ළුෑණු, ඉඟුරු ස්වල්පයක් කුරුදු පොතු, කරපිංචා සමග ගලේ අඹරා සම්බෝලයක් මෙන් සකස් කර තබාගෙන කෑම ගන්නා විට මෙයින් ස්වල්පයක් දෙහි ඇඹුල් සමග මිශ්‍ර කර කෑමෙන් ශරීරයේ බර වැඩිවීම හා කොලොස්ටරෝල් පාලනය කර ගැත හැක.
ගොරකා හොඳින් අඹරාගෙන කඩල ඇට දෙකක ප්‍රමාණයක් දිනපතා ආහාර වේලකට යොදා ගැනීම මගින් රුධිරයේ සීනි ප්‍රමානය අඩු කරගැනීමට පුළුවන.
පාචනයට මෙන්ම බඩ බුරුල් කිරීමටද ගොරකා භාවිත කරගත හැකිය.
තවද උදෑසන ආහාර ගැනීමට පෙර ජලය වීදුරු දෙකක් පානය කිරීමට පුරුදු වන්න.
එමගින් රාත්‍රිය පුරා ජලය නොලැබීමෙන් මදක් විජලනය වූ ඔබ සජලනය වෙනවා පමණක් නොව, උදෑසන ආහාරය මගින් ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමා කිරීමද සිදුවේ.
ජලය වැඩිපුර පානය කිරීමට පුරුදු වූ අයගේ ශරීර ස්කන්ධ දර්ශකය සාපේක්ෂණ කිහිපයක්ම පෙන්වා දී ඇත.
ස්ථුලතාවය පිළිබඳ සඟරාවේ පලවූ පර්යේෂණයකට අනුව, අධිබර ඇති පුද්ගලයන් ප්‍රධාන ආහාර වේලක් ගැනීමට විනාඩි 30 කට පමණ පෙර ජලය වීදුරු දෙකක් බැගින් පානය කිරිමෙන් ඔවුන්ගේ ශරීරයේ අමතර බරෙන් 44% ක් අඩුවූ බව සොයාගෙන ඇත.
ජලයෙහි කැලරි කිසිවක් නැතිවීම සහ කුසපිරුණු බවත් ඇතිකිරීම සමත්වීම එයට හේතුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!