Gossip

ඉන්දීය හමුදාවෙන් උපහාර ලත් සුනඛයා…

ඉන්දීය හමුදාව ඉකුත් දා රණශූරයෙකුගේ නික්ම යාම සනිටුහන් කරමින් උපහාර දක්වනු ලැබුවා.

එහි විශේෂත්වය වූයේ ඉන්දීය හමුදාව එලෙස උපහාර දක්වා තිබුණේ ඔවුන් සතුව සිටි රණශූර සුනඛයෙකු වෙතයි.

ජම්මු කාශ්මීරයේ Tangpawa හිදී බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමකට එරෙහිව පැවැති මෙහෙයුමදී එම සුන්ඛයා තුවාල ලබා තිබේ.

ඒ අදාල මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේයි.

මෙහෙයුමේදී සුනඛයාට වෙඩි ප්‍රහාර 2 ක් එල්ල වූ බවත්, ඊට ප්‍රතිකාර කරමින් සිටිය දී එම සුනඛයා මියගොස් ඇති බවත් ඉන්දීය හමුදාව නිවේදනය කර තිබේ.

එලෙස හමුදාව වෙනුවෙන් සිය දිවි කැප කර ඇත්තේ ඉන්දීය හමුදාවේ 29 වන හමුදා සුනඛ ඒකකය සතුව සිටි අවුරුදු දෙකක් වයසැති Zoom නමැති සුනඛයෙක්.

හමුදා සොල්දාදුවන්ගේ දිවි බේරා ගැනීම සදහා Zoom, ත්‍රස්තවාදීන් සමග නිර්භීතව සටන් කළ බව ඉන්දීය හමුදාව සදහන් කර තිබේ.

ජාතිය වෙනුවෙන් Zoom දැක්වූ දායකත්වය සදාකාලිකව මතකයේ රැදෙනු ඇති බව ද ඉන්දීය හමුදාව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!