Gossip

ඉන්දියාවෙන් කාන්තාවන් ගැන විශේෂ තීරණයක්…

ඉන්දියාවේ ජනරජ දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 26 වනදායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මාවීම සැමරීම සඳහා ඉන්දියාව ජනරජ දිනයක් හඳුන්වා දී ඇත.

ලබන වසරේදී ඉන්දියාව සමරනු ලබන්නේ 74 වන ජනරජ දිනයයි.

මෙවර ජනරජ දිනය ඉන්දියාවේ කාන්තාවන්ට විශේෂ වනවා.

ඒ ලබන වසරේ ජනරජ දිනයේදී කාන්තාවන් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇති බැවින්.

ඒ අනුව, ජනරජ දින පෙළපාලියට සහභාගීවන පාගමන් කණ්ඩායම් සහ තූර්ය වාදක කණ්ඩායම් සඳහා මෙන්ම ඊට සමගාමීව පැවැත්වෙන සියලු ප්‍රසංග සඳහා කාන්තාවන් පමණක් සහභාගී කර ගැනීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.

ත්‍රිවිධ හමුදාව සහ රජයේ අනෙකුත් අංශවල කාන්තා නියෝජනය සහ රට තුළ කාන්තාව බල ගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

ඒ අනුව කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නංවා ලබන වර පැවැත්වෙන ජනරජ දිනයේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට සහ රජයේ දෙපාර්තමේන්තු වෙත මේවන විටත් රජය උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!