බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ත්‍යාග එවා ඇතැයි වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම ඍතුවේ බංග්ලාදේශය නෙළා ගත් සාර්ථක අඹ ඵලදාවෙන් කොටසක් එලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සිය අසල්වැසි මිතුරාට ත්‍යාග ලෙස එවා ඇති බවයි.
රසවත් සහ උසස් තත්ත්වයෙන් යුත් අඹ වගා කිරීම සඳහා ප්‍රසිද්ධ බංග්ලාදේශයේ රාජ්ෂාහි ප්‍රදේශයෙන් නෙළා ගත් අඹ එලෙස ඉන්දියාවට එවා ඇති බව සඳහන්.
එලෙස එවා ඇති අඹ වර්ග අතර Himsagar සහ Langra ඇතුළු බංග්ලාදේශයේ සුප්‍රසිද්ධ අඹ වර්ග ඇතුළත් බව ද වාර්තා වෙයි.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා මීට පෙරද ඉන්දීය ප්‍රභූවරුන්ට සුහදතාවයේ සලකුණක් වශයෙන් අඹ ලබාදී ඇතැයි වාර්තා වෙයි.