චීනයෙන් තායිලන්තයට ලබා දුන් යෝධ පැන්ඩාවන් තිදෙනාගෙන් ඉතිරිව සිටි ගැහැණු සත්ත්වයා මිය ගොස් තිබේ.
මියයන විට ඇගේ වයස අවුරුදු 21 ක් බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.
ලින් හුයි නමැති එම යෝධ ගැහැණු පැන්ඩා තායිලන්තයේ සිටි පැන්ඩා තිදෙනාගෙන් අවසාන පැන්ඩා වෙයි.
2003 වසරේ සිට තායිලන්තයේ චියැං මායි සත්වෝද්‍යානයේ වායුසමනය කළ කුටියක ඇය දිවි ගෙවා තිබේ.
කෙසේවෙතත් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ඇය නැවත චීනයට රැගෙන යාමට නියමිත බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.
ඇය සමග රඳවා සිටි යෝධ පැන්ඩා පිරිමි සත්ත්වයා ද හෘදයාබාධයක් හේතුවෙන් 2019 වසරේදී මිය ගොස් ඇත.
“පැන්ඩා රාජ්‍යතාන්ත්‍රික” වැඩසටහනේ කොටසක් ලෙසයි චීනය එම සතුන් තායිලන්තයට ලබා දී තිබුණේ.