Gossip

කොරෝනා වෛරසය පිරිමින්ට මාරාන්තික වන්නේ ඇයි? – ලොවම කැළඹූ කොරෝනා ගැන තවත් අලුත් හෙළිදරව්වක් – Photos

ලොව පුරා රටවල් හා කලාප 208ක මේ වන විට පැතිර ගොස් පවතින කොරෝනා වයිරස් ආසාදනයට මෙතෙක් වැඩිපුර ගොදුරු වී ඇත්තෙත් වැඩිපුර මිය ගොස් ඇත්තෙත් පිරිමින් බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති බව “නිව්යෝක් පෝස්ට්” පුවත්පත පවසනවා.
බටහිර විද්‍යාඥයින්ට අනුව ලොව වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඉතාලියේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් සියයට 60ක් හා මිය ගොස් ඇති අසාදිතයින්ගෙන් සියයට 70ක්ම පිරිමින් වන අතර ආසාදිතයින් වැඩි චීනයේ, ඇමරිකා එක්සත් ජනපදයේ හා දකුණු කොරියාවේ,කොරෝනා වයිරස් මරණවලින් බහුතරයද පිරිමින්.
මෙම රටවලට අමතරව ලොව පුරා සෙසු රටවලින් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් හා එම මරණවලින් බහුතරය පිරිමින් වන බව අනාවරණය වනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති නිව්යෝක් නගරයේ වාර්තා වන එම ආසාදිතයින්ගෙන් සියයට 55ක්ම පිරිමින් වන අතර මරණවලින් බහුතරයද පිරිමින් වන බව හෙළි වී තිබෙනවා.
මෙසේ කාන්තාවන්ට වඩා වැඩි පිරිමින් සංඛ්‍යාවක් කොරෝනා වයිරසයට ගොදුරු වන්නේ හා මිය යන්නේ මන්දැයි යන්න පිළිබඳව පුර්ණ පරීක්ෂනයක් මෙතෙක් සිදු කර නැතත් මේ පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් අතරද ඇත්තේ එකිනෙකට වෙනස් මතවාදයන් බව නිව්යෝක් පොස්ට් පුවත්පත සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව ඇතැම් වෛද්‍ය විශේෂඥයින්ට අනුව මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ පිරිමින් වැඩි දෙනෙකුගේ දුම්පානය හා මත්පැන් පානය වැනි කොරෝනා වයිරසයට ගොදුරු වීමට බලපාන දුර්වල ප්‍රතිශක්තියක් ඇති කරලන වැරදි චර්යයා රටාවන් බවයි.
තවත් සමහරුන්ට අනුව පිරිමි වැඩි දෙනෙකු සමාජ දුරස්ථභාවය පිලිබඳ නීතිරීති උල්ලංගනය කිරීම හා දැත් සේදීමේ පුරුද්ද අත් හැරීම මෙයට හේතු වී ඇති බව පවසනවා.
කෙසේ වුවද ජාන විද්‍යාව පිලිබඳ පර්යේෂිකාවක වන වෛද්‍ය ෂරෝන් මොයාලම්ට අනුව ඉහත කී එකදු සාධකයක්වත් මෙම තත්ත්වයට හේතු නොවන අතර එයට බලපා ඇත්තේ ජානමය තත්ත්වයක්.
කුඩා අවධියේ සිටම පිරිමින්ට වඩා කාන්තාවන්ට ආසාදනයන්ට එරෙහිව සාර්ථක අයුරින් සටන් කිරීමටත් තුවාල සුව කර ගැනීමටත් හැකියාව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය මොයාලම් එයට හේතු වී ඇත්තේ මවු කුසෙහි සිට මරණය දක්වාම කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිරිමින්ට වඩා හොඳින් ක්‍රියාත්මක වීම නිසා බවයි.
මෙම කොරෝනා වයිරස් ආසාදනයේදීද සිදුව ඇත්තේ කාන්තාවන්ගේ ජාන ආසාදනයෙන් හොඳින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ට සහාය වීම බව ඇය පවසන්නීය.
ශ්‍රී ලංකාවේද මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් බහුතරය පිරිමින් වන අතර මිය ගොස් ඇති සියලු ආසාදිතයින් පිරිමින් වන බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා පෙන්වා දෙනවා.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!