චීනය කොවිඩ් වයිරසය පැතිරයෑම සම්බන්ධව ආරම්භයේදී ලෝකයට කරුණු වසන් කළ බවට අමෙරිකාව චෝදනා නඟා තිබෙනවා.
පසුගිය අප්‍රේල් පළමුවැනිදා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළ කරමින් මේ බව මුල්වරට ප්‍රසිද්ධියට පත් කර සිටියේය.
එහිදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ චීනය නව කොරෝනා වයිරසය පැතිරයෑම සම්බන්ධව නිශ්චිත තොරතුරු ලෝකයෙන් වසන් කර සිටි බවයි.
ඒ සම්බන්ධව තමන්ට සියලු තොරුතුරු පැවසිය නොහැකි බවත්, තමන් වෙත අදාළ තොරුතුරු සහිත රහසිගත වාර්තාවක් ලැබී ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. එමෙන්ම වයිරසය හේතුවෙන් චීනයේ ආසාධිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන්ද චීනය අසත්‍යය තොරුතුරු ලෝකයට මුදාහැර ඇති බවටද මෙහිදී චෝදනා එල්ල වී තිබෙනවා.
කෝවිඩ් වයිසරයේ ආරම්භය සහ චීනයේ එය පැතිරීම සම්බන්ධව අමෙරිකා බුද්ධි අංශ විසින් වාර්තාවක් සකස් කොට ධවල මන්දිරය වෙත ලැබීමට සලස්වා තිබේ.
එය සම්පූරණයෙන්ම රහසිගත වාර්තාවක් බවත් එය ජනමාධ්‍ය වෙත කිසිදා ඉදිරිපත් නොකරනු ඇති බවත් දැනගන්නට ලැබී තිබේ.
කෙසේ වුවද මේ වාර්තාවෙන් ඇතැම් කරුණු ප්‍රසිද්ධ කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ චීනය ආරම්භයේ සිටම සාවද්‍ය තොරතුරු ලෝකයට ඉදිරිපත් කළ බවයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට වයිසරය චීනයේ පැතිර යෑම ආරම්භ වූ නමුත් චීනය පවසා ඇත්තේ තම රටෙන් වාර්තා වූයේ ආසාධිතයන් 82,000ක් සහ මරණ 3200ක් පමණක් බවයි. මේ දත්ත ගෙන හැර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා ඇත්තේ චීනය ලෝකයට ඉදිරිපත් කර ඇත්තේ තොරතුරුවල ‘දීප්තිමත් කොටස’ පමණක් බවයි.
මේ හැර චීනයද එක් අවස්ථාවකදී කොවිඩ් යනු අමෙරිකානු ජීව විද්‍යාත්මක අවියක් බවට ප්‍රකාශයක් නිකුත් කර සිටියේය.
චීනයේ විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙවන් අදහසක් සහිත ප්‍රකාශයක් නිකුත් කර අතර ඒ හැර අන් කිසිදු ප්‍රකාශයක් චීන පාර්ශ්වයෙන් මේ දක්වා ඉදිරිපත් වී නැත.
කෙසේ වුවද කොව්ඩ් යනු හුදෙක් වයිරසය පැතිරීමක් පමණක් නොවන බවත් එය ලෝකයේ බල අරගලය හා ඍජු සම්බන්ධයක් සහිත ප්‍රතික්‍රියාවක්ද වන බව නම් පැහැදිලිය.
