Gossip

අලුත උපන් බිළිඳා සමඟ වාට්ටුවට රැගෙන ආ මව විදුලි සෝපානයට හිරවී අවසන් ගමන් යයි – වීඩියෝ

තරුණ මවක් රෝහලක ඇති විදුලි සෝපානයක සිරවීමෙන් මියගිය අවාසනාවන්ත පුවතක් ගැන ස්පාඤ්ඥ මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සඳුදා මෙය සිදුව ඇති අතර 25 වැනි වියේ පසුවූ රෝසියෝ කෝටෙස් නුනේස් නමැති තරුණ මව දරුවා මෙලොවට බිහිකිරීිමෙන් පසුව එම බිළිඳා සම මව රෝද ඇඳක් මත තබා රෝහල් සේවකයෙකු විසින් වාට්ටුවට රැගෙන යාමට විදුලි සෝපානය වෙත ගෙනවිත් තිබෙනවා.
අවශ්‍ය රෝහල් වාට්ටුව වෙත මව සහ අලුත් බිළිඳා රැගෙන විදුලි සෝපානයෙන් පැමිණි පසු රෝහල් සේවකයා විසින් රෝද ඇඳ ඉවතට ගැනීමට සැරසී තිබෙනවා.
ඇඳ ඉවතට ගැනීමට සූදානම්වනවාත් සමඟම විදුලි සෝපානය ක්‍රියාත්මක වී ඇති අතර එය එක්වරම ඉහළට යන්නට පටන් අරන්.
ඒ අවස්ථාවේ මව සහ දරුවා නිදා සිටි රෝද ඇඳෙහි භාගයක් පමණ තිබී ඇත්තේ විදුලි සෝපානයේයි.
පසුව එක්වරම දරුවා සහ මව සෝපානයේ ඉහළ යකට තට්ටුවට හිරවී ඇති බවත් මව ඉතාමත් දරුණු ලෙස යකඩ තට්ටුවේ සිරවී ඇඹරී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
පසුව වහා ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයින් පැමිණ මව සහ දරුවා පිටතට ගෙන තිබුණද ඒ වනවිටත් මව මියගොස් දරුවා නිරුපද්‍රිතව බේරාගෙන තිබුණා.
හිසට සිදුවූ බරපතල හානි නිසා මව මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියෙන් රෝහලේ පිරිස්ද දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප හා වීඩියෝව පහතින්..


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!