Gossip

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියලා හඳපානේ කැන්දාගෙන ආ බිරිඳගේ වියෝව දරාගන්න බැරිව සැමියාද අවසන් ගමන් යයි – Photos

ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න නොහැකි වීමේ වේදනාවෙන් පුද්ගලයෙක් ජීවිතේ නැතිකරගත්තු පුවතක් පොළොන්නරුව අබේපුරගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මීට අවුරුදු කිහිපයකට කළින් මෙම පුද්ගලයා මාවනැල්ලේ පැත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අසල්වැසි නිවසක සිටි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන.
එම තරුණියගේ පවුලේ අය මේ ප්‍රේමයට තදින්ම විරුද්ධ වෙලා.
කොහොම වුණත් දෙමව්පියන්ගේ ආශිර්වාදය පැත්තකට දාලා මේ තරුණිය පෙම්වතා සමඟ නිවසින් පැන ගොස් පොළොන්නරුව පැත්තේ පිහිටි තරුණයාගේ නිවසේ පදිංචි වෙලා.
තරුණියව රැගෙන යන්න පවුලේ අය ආවත් නීත්‍යානුකූලවම විවාහ වුණු නිසා ඔවුන්ගේ උත්සහය අසාර්ථක වෙලා.
ජීවිතේ සතුටින් ගෙන ගිය මේ දෙපලට කුළුදුල් දරුවා ලැබිලා අවුරුදු එක හමාරක් පමණ ගියාට පස්සෙ ඔවුන් අවසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.
ඒ පසුගිය දිනක තම බිරිඳත් එක්ක ඥාති නිවසකට මෙම තරුණයා යද්දි පොළොන්නරුව ZD ඇළට යතුරුපැදිය වැටිලා අනතුරක් සිදුවීමෙන්.
මෙම අනතුරින් තරුණයාගේ ජිවිතය බේරාගන්න පුළුවන් වුණත් බිරිඳගේ ජිවිතේ බේරගන්න ලැබිලා නැහැ.
ඊට පස්සේ අදාල කාන්තාවගේ මරණය සැකයි කියලා පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් දාලා.
ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න දින ගණනක් තිස්සේ උත්සහ කළත් නොහැකිවීම නිසා තමන්ගේ දරුවවත් තුරුල් කරගෙන හඬා වැලපිලා පසුව නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!