මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයාගේ මරණය වාර්තා වී ඇත්තේ මෙතෙක් ප්‍රථම ආසාදිත මරණය යැයි සැලකුණු අයගේ මරණය සිදු වූ දිනට දින 20කට පෙර බව අලුතින්ම වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ මරණ පරීක්ෂණයන් පිළිබඳ වාර්තාවක දැක්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි .
මේ අනුව මෙතෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ ප්‍රථම කොරෝනා ආසාදිත මරණය සිදුව ඇත්තේ කලින් නිවේදනය වූ පරිදි ඉකුත් පෙබරවාරි 26 වැනිදා නොව පෙබරවාරි 06 වැනිදා බවත් එරට දෙවැනි කොරෝනා මරණය කලින් නිවේදනය වූ පරිදි මාර්තු මස 04 වැනිදා නොව පෙබරවාරි 17 වැනිදා සිදුව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ .
මෙම තත්ත්වය අනාවරණය කර ඇත්තේ ශාන්ත ක්ලේරා ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා වන අතර ඔහු විසින් පවත්වා ඇති මරණ පරීක්ෂණවලදී ඉකුත් පෙබරවාරි 05 වැනිදා හා 17 වැනිදා එම ප්‍රදේශයේ මිය ගිය දෙදෙනෙකු මියගොස් ඇත්තේ කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීමෙනි .
මෙයට පෙර ඇමරිකානු සෞඛ්‍ය බළධාරීන් විසින් නිවේදනය කර තිබුණේ ඇමරිකාවේ ප්‍රථම කොරෝනා මරණය ඉකුත් පෙබරවාරි 26 වැනිදා සියැටල් නගරයේදීද දෙවැනි කොරෝනා මරණය මාර්තු 04 වැනිදා කැලිෆෝර්නියා වේදීද සිදු වූ බවයි.
මෙම අලුත් මරණ වාර්තාව ඇමරිකාවේ රෝග පාලනය හා නිවාරණය පිලිබඳ මධ්‍යස්ථානය විසින්ද තහවුරු කර ඇති අතර මෙසේ එම මරණ මුලින් වාර්තා වී නොමැත්තේ කොරෝනා ආසාදනය පැතිර ගිය මුල් අවස්ථාවේදී ඉතා සීමිත රෝග පරීක්ෂණ සංඛ්‍යාවක් පමණක් සිදු කිරීම බව අලුත්ම මරණ පිළිබඳව අනාවරණය කරන ලද මරණ පරික්ෂකවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
ඒමන්ති මාරඹේ
