වත්මන් ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්ය. කාලයක් ආබාධ හේතුවෙන් පන්දු යැවීමට නොහැකිව සිටි මැතිව්ස් යළිත් වරක් සිය ශාරීරික යෝග්‍යතාව සුපුරුදු පරිදි සකස් කරමින් තුන් ඉරියව්වෙන්ම ශ‍්‍රී ලංකා පිලට සේවය කිරීමට ඇප කැප වී සිටි බව පසුගිය කාලයේ පැවැති තරගවලදී දක්නට ලැබුණි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොව ක‍්‍රීඩා සියල්ලම නින්දට ගොස් තිබියදී ‘ක‍්‍රිකට් ඉන්ෆෝ’ මාධ්‍යවේදි ඇන්ඩෘ ප‍්‍රනාන්දු සමග මැතිව්ස් මෙසේ කතා බහක යෙදී තිබුණි.
ප‍්‍රශ්නය : මේ කාලයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී තියෙනවා. ඒ කාලය කොහොමද ඔබ ගෙවා දමන්නේ?
පිළිතුර : දැන් සති හතරක් පුරා ගෙදරට වෙලා ඉන්නවා. බිරිඳගෙන් මට ගොඩක් උදව් ලැබෙනවා. මම මගේ පවුලේ අයට වඩා ගොඩක් දුර ගමන් කරනවා. ඒ නිසා මට මේ විවේක ඒ අහිිමි වූ කාලය සඳහා වැදගත්. මේ කාලයේදී ඉවුම් පිහිම් ඉගෙන ගන්න උත්සාහ කරනවා.
ප‍්‍රශ්නය : පසුගිය කාලයේදී ඔබ කැපී පෙනෙන වෙනසක් දැක්කුවා. කොහොමද එහි ආරම්භය
පිළිතුර : ඒ සියලූ දේ වෙනස් කරන්න එක දවසක පුළුවන් කියලා හිතුණා. මොකද අවුරුදු කිහිපයක් මම ආබාධවලට ලක්වෙලා විටින් විට කණ්ඩායමෙන් එළිය ගියා. ඒ නරක කාලය මට ගොඩක් කරදර වුණා. මම ඇත්තටම කලකිරුනා. දවසක් මම අවදි වී තීරණය කළා මා දැන් කරන දේවල් වෙනස කරන්න ඕන කියලා. සියයට සියයක් ආබාධ නැති වෙන්නෙ නැහැ. නමුත් මහන්සි වෙලා ආබාධ අවම කරගන්නවා කියලා හිතලා උත්සහ කළා. මම මගේ පුහුණුකරු ඩිල්ෂාන් සමග කතා කරලා තීරණය කළා ආහාර සම්බන්ධව අතිශයින්
විනයගරුක විය යුතුයි කියලා. ඒ වගේම ජිම් එකේ විවිධ දේවල් අත්හදා බැලූවා. මාස තුනක් යනකොට මට සැහැල්ලූවක් සහ වේගවත් බව දැනුණා. ඒ සියලූ දේට භෞත චිකිත්සකරුවන්, පුහුණුකරුවන් සහ මට උදව් කළ සියලූ දෙනාට ස්තුති වෙනවා. මේ තත්ත්වය මම දිගටම පවත්වාගෙන යනවා.
ප‍්‍රශ්නය : ආහාර පාලනය කිරීමත් සමග ඔබට මග හැරෙන්නේ මොන වගේ දේවල්ද ?
පිළිතුර : මම ශරීර යෝග්‍යතාව හිතලා සමබර ආහාර වේලක් ගන්නවා. රසකැවිලි කෑම සම්පූර්ණයෙන්ම නවතා දැමුවේ නෑ. මොකද ඒක කරන්න ලේසි නෑ. ඒ නිසා රසකැවිලි අඩුවෙන් අරගෙන බැඳපු දේවල් ආහාරයට ගත්තා. ඒ වගේ ආහාර ගත්තහම වෙනදට වඩා මහන්සි වෙලා වැඩ කළා.
ප‍්‍රශ්නය : ඔබ ගත් තීරණය මීට ඉස්සෙල්ල ගත්තනම් හොඳ නැද්ද ?
පිළිතුර : අනිවාර්යෙන්ම එකඟයි. නමුත් මීට පෙර ගොඩක් මහන්සි වී වැඩ කළා. ඒත් මම යෝග්‍යතා මට්ටමට පැමිණියේ නැහැ. ඒ ආහාර සම්බන්ධව මම විනයගරුක නොවුන නිසා. මීට පෙර කරන්න තිබ්බනම් හොඳයි. නමුත් ඒගැන පසුතැවෙන්නේ නෑ. මට ඉලක්ක සපුරා ගැනීමට තවත් කාලයක් තියෙනවා. නමුත් අතීතය වෙනස් කළ නොහැකි නිසා මා පසුතැවෙන්නේ නෑ.
ප‍්‍රශ්නය : අවසන් වරට පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඔබේ පන්දු යැවීම කැපී පෙනුණා?
පිළිතුර : මගේ ශාරීරික යෝග්‍යතාවත් සමග තමයි ඒ ප‍්‍රතිඵලය ආවේ. මම වයස අවුරුදු 20 – 21 කාලයේ හිටිය මට්ටමට එන්න පුළුවන් වුනා. පන්දු රැකීමත් වෙහෙස මහන්සි වී කළා. ක‍්‍රීඩාවට මේ සියලූදේ වැදගත්.
දිවයින.
