කොරෝනා රෝගීන් සඳහා අත්හදාබලන ලද ඖෂධයක් ලොව පුරා බොහෝ අසාධ්‍ය රෝගීන් සඳහා සාර්ථක වී තිබේ. රෙම්ඬේසිවර් නමැති මෙම ඖෂධය ලබා දුන් බොහෝ රෝගීන්ට එම රෝගය සුව වී ඇතැයි විවිධ රටවල රෝහල් මගින් සනාථ කර තිබේ.
හුස්මගැනීමේ දැඩි අපහසුතා සහ උණ රෝගය තිබු රෝගීන්ට මෙය ලබා දී තිබිණි.කෙසේ වෙතත් ඖෂධ නියාමන ආයතන තවමත් නිල වශයෙන් මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නැතත් එය පර්යේෂණ මට්ටමෙන් රෝගීන්ට ලබා දෙන්නට අවසර ලබාදී තිබේ.
මෙම ඖෂධය මීට පෙර ඉබෝලා රෝගය සඳහා සුළු සාර්ථකත්වයක් පෙන්නුම් කල අතර සාර්ස් හා මර්ස් රෝග සඳහා සාර්ථක වී තිබිණි.
මෙම ඖෂධය ලබා දීමෙන් දින හයක් අතුලත රෝගීන් පූර්ණ සුවය ලැබූ බව සඳහන්ය.
දිවයින.
