ලෝකයටම වසංගතයක් වුණු කොරෝනා මාරයාට සුපිරි ක්‍රිකට් තරුවක්ද බිළිවී තිබෙනවා.
පාකිස්ථානයේ පළමු ක්‍රීඩා තරුව බවට පත්වූ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩක සෆාර් සර්ෆ්‍රාස් කොරෝනා ආසාදනය වී මියගොස් තිබෙනවා.
මියයනවිට ඔහු 50 වැනි වියේ පසුවුණා.
1988 වසරේ සිට 1994 දක්වා පාකිස්ථානය වෙනුවෙන් පළමු පෙළ තරග 15 කට ක්‍රීඩා කර ඇති සෆාර් පාකිස්ථාන් ඒ කණ්ඩායම වෙනුවෙන් තරග හයක්ද ක්‍රීඩා කර තිබෙනවා.
වමත් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු වමතින් දඟ පන්දු යවන්නෙක් ලෙසද කටයුතු කළා.
මේ වනවිට පාකිස්ථානයේ කොරෝනා රෝගය හේතුවෙන් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 100 ඉක්මවනවා.
