Gossip

ඇමෙරිකාවේ අගුළු ගලවන්න ට්‍රම්ෆ් සුදානම්

ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වෛරසය  ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී එරට  කොරෝනා වසංගතයේ නැග්ම උච්ජම  අවස්ථාව (පීක්) පසු කර ඇති බව පවසමින් දැනට අගුලු ලා ඇති ඇතැම් ඇමරිකානු ප්‍රාන්ත මේ මාසය තුළ නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බව  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි .

කෙසේ වුවද දැනට ලොව පුරා වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එරටින්  දිනපතා වාර්තා වන නව ආසාදිතයින්ගේ හා ආසාදිත මරණ සංඛ්‍යාවද  වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .

මෙවැනි තත්ත්වයක් පැවතියදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්  වොෂිංටනයේ පිහිටි ධවල මන්දිරයේ දිනපතා පැවැත්වෙන  ප්‍රවෘත්ති සාකච්ජාව අමතමින් ඊයේ (15දා )ප්‍රකාශ කර ඇත්තේ අද (16දා ) දිනයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හමු වී සාකච්ජා කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ අගුලු දමා ඇති ප්‍රාන්ත නැවත විවෘත කිරීමේ මාර්ගෝපදේශන මාලාව නිවේදනය කරන බවයි .”අප නැවත නැගී සිටින දරුවෝ  වෙමු .අපිට නැවත අපේ රට යථා තත්ත්වයට පත් කර ගැනීමට  අවශ්‍යයි ” ජනාධිපතිවරයා කියා තිබේ .

මෙහිදී ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන රට වන ඇමරිකා එක්සත් ජනපදය මෙතරම් ඉක්මනින්  නැවත අගුලු දැමීමෙන් මුදා හැරීම භයානක නොවේදැයි  මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දී ඇති ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් රට වසා දමා තැබීමෙන්ද වෙනත් අකාරයේ මරණ වාර්තා විය හැකි බව පවසා තිබේ  .”දැනටමත් රටේ ආර්ථිකය මෙම අගුලු දැමීම හමුවේ කඩා වැටී තිබීම නිසා ජනතාවගේ මානසික  ගැටළු වැඩි වී තිබෙනවා  .එහි ප්‍රථිපලයක් ලෙස සිය දිවිනසා ගැනීම්  සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පිහිටුවා තිබෙන  ක්ෂණික දුරකථන අංකය  පුපුරා යන තරමට පැමිණිලි ලැබෙමින් තිබේ .කොරෝනා වසංගතය හමුවේ ඇමරිකාව අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය නිසා දැනටමත් රට පුරා ඇමරිකානුවන් මිලියන ගණනකට රැකියා අහිමි වෙලා අවසන්  .රැකියා විරහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට  වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබේ  .දැනට අප රටේ කොරෝනා වසංගත මට්ටම උච්ජ තත්ත්වය පසු කර ඇති නිසා එය තවදුරටත් එසේම පවතිනු ඇතැයි විශ්වාස කරනවා ” යැයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!