දරුවෙක්ව උස් මහත් කරන්න අම්මා කෙනෙක් කොයි තරම්නම් කැපකිරීමක් කරනවද..?
දස මාසයක් කුසේ තියාගෙන දරුවව මේ ලෝකෙට බිහිකරන දවසවනතුරු අම්මා කෙනෙක් කොයි තරම් පරිස්සම් වෙනවද..?
මේ ලෝකේ උතුම්ම පදවිය මව් පදවිය කියලා හදුන්වන්නෙත් ඒ් නිසාමයි.
හැබැයි කියන තරම් ඒ් පදවිය ලබාගන්න ලේසි නැහැ.. ඒ තරමටම එය වේදනාකාරී අත්දැකීමක්.
ඒ දේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් දන්නවා.
ඒ නිසා මේ කියන්න යන්නේ වෙනත් කතාව අහන්න ගොඩක් අය කැමති වේවි.
පහුගිය දවසක ලංකාවේ ටිකක් වෙනස් විදිහේ දරු ප්‍රසූතියක් සිදු වුණා.
මේකට කියන්නේ වෝටර් බර්ත් (water birth) කියලා.
ව්දෙස් රටවලටනම් මෙය අලුත් අත්දැකීමක් නෙවෙයි.
Water Birth හිදී සිදුවන්නේ දරු ප්‍රසූතිය උණුසුම් ජල භාජනයක් තුළදී සිදු වීමයි .
සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා මෙහිදී මවට දැනෙන වේදනාව අඩු අතර දරුවාට හොඳ ඔක්සිජන් සැපයුමක් ද ලැබෙන බව වෛද්‍ය මතයයි .
මේ වාසනාවන්ත දෙමව්පියන් බවට පත්වුණේ මෙවන් පීරිස් සහ ක්ෂනිකා රූපසිංහ.
ඔවුන්ගේ පළමු දරුවා වූ මේ බිළින්දා පුතෙක්.
කෙතරම් සතුටක් ඔවුන්ට දැනෙන්නට ඇත්ද ?
වෝටර් බර්ත් (water birth) දරු ප්‍රසූතිය සිදු වුණේ කොළඹ Ninewells Hospital එකේ.
මේ දරු ප්‍රසුතියෙන් ඡායාරූප පහතින්..
