Gossip

කොරෝනා හේතුවෙන් කෑන්ස් චිත්‍රපට උළෙල වෙනස් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල එහි සුපුරුදු ස්වරූපයෙන් නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

උළෙල ලබන ජූනි හෝ ජූලි මස පැවැත්වීමට අපේක්ෂා කරන බව පවසමින් එහි සංවිධායකයෝ උළෙල පැවැත්වීම කල් දැමීමට පසුගිය මාසයේ කටයුතු කළහ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනය අනුව ප්‍රංශය අගුලු දැමීමේ සීමා මෙම සතියේදී දීර්ඝ කිරීමෙන් පසු සැලැස්ම තවදුරටත් විකල්පයක් නොවන බව ඔවුහු සඳහන් කරති.

ඒ අනුව ගන්නා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් නිශ්චිතවම පැහැදිලි කර නොමැති නමුත් ඒ පිළිබඳ විධිමත්ව අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

චිත්‍රපට ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවද සංවිධායකයෝ පැවසූහ.

එම අදහස් මත චිත්‍රපට උළෙලේ ස්වරූපය වෙනස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනු ඇත.

73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල මැයි 12 වැනිදා සිට 23 වැනිදා දක්වා දකුණු ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!