Gossip

කොරෝනා වෛරසය නොමැති රටවල් මෙන්න

මේ වන විට ලොව පුරා රටවල්  හා  කලාප 210 ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරස් ආසාදනය  (14දා ) වන විටත්  එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 14ක පැතිර ගොස් නොමැති බව අනාවරණය වී තිබේ .මෙසේ මෙතෙක් එකදු කොරෝනා වෛරස් ආසාදිතයෙකුවත් හඳුනාගෙන නොමැති රටවල් වනුයේ නැගෙනහිර  අප්‍රිකාවේ පිහිටි කොමරොස් රාජ්‍යය ,දකුණු දිග අප්‍රිකාවේ පිහිටි ලෙසොතෝ ,පැසිෆික් දුපත් ,කිරිබැටි රාජ්‍යය හා නිදහස් රාජ්‍යය සමුහය(මාෂල් දුපත්,මයික්‍රොනීසියා ,පලාවු ),නවුරු ,සැමෝවා දුපත් ,සොලමන් දුපත් ,ටොංගා ,ටුවාලු ,වැනුවාටු ,උතුරු කොරියාව ,මධ්‍යම ආසියාවේ පිහිටි ටර්ක්මෙනිස්ටානය  හා ටජිකිස්ථානය යන රටවල්ය .

මෙම රටවල්වලින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා නොවීමට බලපා ඇත්තේ කොරෝනා වෛරස්  ආසාදනය පැතිර යාම වැළක්වීම සඳහා එම රටවල් චීනයේ කොරෝනා වසංගතය ඉකුත් ජනවාරි මාසයේ පැතිරයාම පටන් ගත් අවස්ථාවේම සිය දේශසීමාවන් වසා දැමීම , සැක සහිත රෝගීන් නිරෝධායනය කිරීම  හා ගුවන් ගමන් නතර කිරීම වැනි  කඩිනම් ක්‍රියාමාර්ගගැනීම නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .කොමරෝස් රාජ්‍යය මෙම  වසරේ  මුල සිටම සිය රටේ පවතින ඉස්ලාමික සිද්ධස්ථානයන්  පවා වසා දමා ජනතාව අතර සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට පියවර ගැනුනි .

කෙසේ වුවද මෙම රටවල් බොහොමයක්  අධික රාජ්‍ය අනුග්‍රහය සහිත වංචාවන් හා දුෂණ පවතින රටවල් වන  අතර ඔවුන්ගේ දේශසීමාවන් අතර මෙම කොරෝනා වසංගතය පැතිර ගියද එම රටවලට එය පාලනය කිරීම අපහසු බව අනාවරණය වී තිබේ .එමෙන්ම මෙසේ  අධික දුෂණ හා වංචාවන් සහිත රටවල් බොහෝ විට තම රටවල සැබෑ දත්තයන් සෙසු රටවලට මුදා හැරීමක් සිදු නොකිරීම නිසා එම රටවල කොරෝනා වෛරසය පැතිරීමේ සැබෑ තත්ත්වය ලොවට හෙළි නොවන බවටද මතයක් විදෙස්  මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබේ .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!