Gossip

“වාහනයක් හදිසි අනතුරු අංශයට කඩා වැදුණා. මුහුණ හොවා බැලුවම දුටුවේ හුස්ම නැති සිරුරක්.. ඔබ තවත් බොරු කියන්න.. අපි සියළු දෙනාම විඳවන්නම්”

කවුරුත් මේ දවස්වල කතා කරන්නේ කොරෝනා ගැන.
ඉතිං ඒ වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩලය නිරතුරුවම කැපවෙනවා.
මේ අතරතුර කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ ඇය සේවය කරමින් ඉද්දි මුහුණපෑ අත්දැකීමක් ගැනයි.

එම සටහන පහතින්..

මේ දවස්වල රෝගීන් එන්නෙ 80 දෙනෙත් පමනයි. ඉස්සරනම් 280 ක් පමන ආවා.
දැන් ඉස්සර වගේ නොවෙයි. හොදටම සැලකිලිමත් වීමයි වැදගත් . ඒ නිසා වාහනයෙන් බහින්න ඉස්සෙල්ලාම ගොඩක් හේතු විමසන්නත් ඕන උණ පරීක්ෂා කරලා බලන්න ඕන.
පුදුමෙ කියන්නේ මේ දවස් වල ගොඩාක් අයට උණ. එතකොට ඔවුන්ව වෙන් කරලා කොරෝනා සැක සහිත කෙනෙක් හැටියට ප්රතිකාර කරන්නත් ඕන.
ඒත් එක්ක වාහනයක් අධික වේගයෙන් හදිසි අනතුරු අංශයට කඩා වැදුනා. අපිත් වාහනය තුලටම මුහුන හොවා බැලූ විට දුටුවේ හුස්ම නැති සිරුරකි.
ජෛව ලක්ශන විමසා බලා විස්තර ඇසූ විට ගෙනා ආ අය පැවසුවේ එක පාරටම ඇදගෙන වැටුනා කියාය.
එබැවින් වහා රෝගීයා රැගෙන ප්රතිජීවනය සදහා වෛද්යවරුන් , හෙදියන් ඇතුළු 7 දෙනෙකු ක්රියාත්මක වී තිබුනි .
ඔහු සමග පැමිණි පුද්ගලයාගේ අධිවේගී හැසිරීම් ගැන සැක සිතුනෙන් මා ඔහුත් සමග බොහෝ වේලාවක් දොඩමළු වූයෙමි .
ඒ අවස්තාවේ ඔහුටද නොදැනී කියවුනේ. පසුගිය මාසයේ ඔවුන් දෙදෙනාම රට ඉදන් ආපු බවය.
ඔබ සිතා බලන්න . මොවුන් දැනගෙනම වංචා කරන හැටි අදටත්…
ඉන්පසුව එම කාමරය විශබීජ හරනය කිරීමටද, මිය ගිය සිරුර සීල් කිරීමද ,පර්යේෂණ කිරීමටද අපට සිදු විය.
ඔබ තවත් බොරු කියන්න…….
අපි සියලු දෙනාම විදවන්නම්…..
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!