දිනය ඉකුත් ජනවාරි මස පස්වනදාය .නාවික මගින් 1700 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දාහකින් පමණ සමන්විත msc magnifica මගී ප්රවාහන නෞකාව ඉතාලියෙන් ගමන් ආරම්භ කරනු ලබන්නේ දීර්ඝ මුහුද සංචාරයක් හරහා ලෝකය වටේ රවුමක් ගමන් කිරීම පිණිසය.එම ගමන සඳහා සහභාගි වූ සංචාරකයන් ඒ සඳහා අධික මිලක් ගෙවමින් එයට සහභාගී වූයේ මුහුදු මාර්ගය ඔස්සේ රටෙන් රට සංචාරය කරමින් ලබා ගත හැකි වෙනස්ම ආකාරයේ නාවික අද්දැකීමක් ලබා ගැනීමත් ‘පාවෙන සුරපුරක් ’ බඳු වූ msc magnifica නෞකාවේ නැගි එවැනි සංචාරයක නිරත වීමට බොහෝ දෙනෙක් තුල තිබූ ඉහළ කැමැත්තත් හේතුවෙන්ය .
එලෙස ගමන් ආරම්භ කරනු ලබන msc magnifica නෞකාවට මෙවර සිය සංචාරය සාර්ථකව නිමා කිරීමට නොහැකි වන්නේ එම නෞකාවේ ගමන් ගත් නාවික මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය කිසිසේත් අපේක්ෂා නොකළ හදිසි තත්වයක් හේතුවෙන්ය .එය නෞකාවේ හටගත් කාර්මික දෝෂයක් හෝ වෙනත් අනතුරක් සිදු වීමෙන් සිදු වූවක් නොව ඒ සඳහා බලපෑම් කරනු ලබන්නේ අනපේක්ෂිතව හටගත් වෙනත් හේතුවක්ය. මේ දිනවල ලෝකයම තම බලපෑමට යටත් කොට ගෙන සිටින කොවිඞ් 19 වෛරසය හේතුවෙන් ලොව කිසිදු රටක් msc magnifica මගී ප්රවාහන නෞකාවට තම රටවලට අයත් වරායන්ට ඇතුල් වීමට අවසර නොදීම හේතුවෙන් සිය සංචාරය අතර මග නතර කර දමන එම නෞකාව නැවත ඉතාලිය බලා යාත්රා කිරීමට තීරණය කරනු ලබන්නේ එහි ගමන් ගත් සංචාරකයන්ගේ සහ සහ කාර්ය මණ්ඩලයේ හි ජීවිත ආරක්ෂාව වෙනුවෙන්ය.
ship2 ඒ අනුව ඕස්ටේ්රලියානු මුහුදු සීමාවේ සිට නැවත ඉතාලිය බලා යාත්රා කරනු ලබන msc magnifica මගී ප්රවාහන නෞකාව ඉකුත් 6 වෙනිදා පැය තුනක් වැනි කෙටි කාලයක් සඳහා කොළඹ වරායට සේන්දු විය .මෙරට විසින් ලබා දුන් විශේෂ අවසරයක් මත එම නෞකාව මෙරටට ළඟා වනු ලබන්නේ ඉන්ධන හා වෙනත් සේවා පහසුකම් ලබා ගැනීම පිණිසය.එලෙස ඉකුත් දිනක මෙරටට ළඟා වූ පිජ පටබසසෙජ් නෞකාව පිළිබඳව මෙරට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීමට හේතු වූ තවත් කරුණක් විය.එනම් එහි සේවයේ නිරත වූ දහසකින් පමණ සමන්විත කාර්ය මණ්ඩලයට අයත් පිරිස අතරට ශ්රී ලාංකික තරුණයෙකු අයත් වීමය.තමන් සේවය කරනු ලබන නෞකාව සේවා පහසුකම් ලබාගැනීම පිණිස ශ්රී ලංකාවට ඇතුල ඇතුළු වන බව සැලවීමත් සමඟ සමාජ මාධ්ය ජාලය හරහා ඉල්ලීමක් සිදු කරන එම තරුණයා ඒ හරහා මෙරට බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ නෞකාව මෙරටට ළඟා වන කෙටි කාලය ඇතුළත ඔහුට රටට ඇතුලූ වීමට අවසර ලබා දෙන ලෙසය. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයම භීතියට පත්ව තිබෙන වටපිටාවක් තුළ තමන් සේවය කරනු ලබන නෞකාව නැවත යුරෝපය බලා ගමන් කිරීමේදී තමන්ට මුහුණදීමට සිදුවන අවිනිශ්චිත තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන එම තරුණයා තමන් පෙනී සිටින වීඩියෝවක් හරහා එම ඉල්ලීම සිදු කිරීමත් සමග ඒ පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.එතැන් සිට බොහෝ දෙනෙකු විසින් අදාළ බලධාරීන් අමතමින් එම තරුණයා බේරා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කරන්නට වූ අතර එහි අවසන් ප්රතිඵලය බවට පත් වූවේ මෙරට රජයේ සහ වගකිවයුතු නිලධාරීන්ගේ කාරුණික මැදිහත්වීම මත නැවත මව් රටට ළඟා වීමේ අවස්ථාව ඔහු වෙත උදා වීමය. ජාතියක් ලෙස ශ්රී ලාංකිකයන් සතු මනුෂ්යත්වය ලෝකයක් හමුවේ ප්රදර්ශනය කළ සිදුවීමක් විය.ශ්රී ලංකා වරාය අධිකාරිය හා නාවික හමුදාව එක්ව සිදු කළ එම මෙහෙයුම සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් ඉකුත් දිනෙක ශ්රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතාගෙන් අප විසින් විමසීමක් සිදු කරන ලදී.
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සභාපතිවරයා පළමුව රජයක් ලෙස ඒ සඳහා යොමු වූ ආකාරය පිළිබඳව විස්තර කරන්නට විය
‘‘ ඇත්තටම එම සිදුවීම ගත්තොත් ඒ හරහා රටක් ලෙස අප විසින් ලෝකයට ප්රදර්ශනය කළ විශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි රටක් ලෙස අප තුළ පවතින මහා මානවීය ගුණ යහපත්කම මොන වගේ ද කියන කාරණය .පසුගිය දවස් වල මහත් කතාබහට ලක් වූ ඔය කියන නෞකාව දීර්ඝ මුහුදු සංචාරක යෙදෙන අතරතුර තමයි කොවිඞ් 19 වෛරසය ලෝකයම භීතියට පත් කරමින් ව්යාප්තවීම ආරම්භ වෙන්නෙ.ඒ හේතුව නිසා ප්ටබසසෙජ් නෞකාවට කිසිම රටකට ඇතුලූවීමට අවසර හිමි වෙන්නේ නෑ .එහෙම තත්වයක් ඇතුලේ නැවත ඉතාලිය බලා ගමන් කරමින් සිටී නෞකාව අපේ රටෙන් එක්තරා ඉල්ලීමක් කරනවා.ඒ තමයි ඔවුන්ට අවශ්ය සේවා පහසුකම් ලබා ගැනීම පිණිස කොළඹ වරායට ඇතුල් වන වෙන්න අවසර ලබා දෙන්න කියලා කරන ලද ඉල්ලීම.ඒ ආකාරයේ ඉල්ලීමක් කළ පමණින්ම රටේ කිසිම වරායකට නෞකාවක් හිතු මනාපයට ඇතුළු කරන්න බැහැ
ship3ඒ සඳහා ක්රමවේදයක් පවතිනවා.පළමුව නෞකාව අයත් මව් සමාගම හෝ මෙරට ක්රියාත්මක ඔවුන්ගේ ශාඛාවක් මගින් පළමුව ඒ ඉල්ලීම් සිදු කළ යුතුයි.ඊට පස්සේ තමයි රජයක් ලෙස ඒ පිළිබඳව අපට යම් මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නේ .මෙතැන තියෙන වැදගත්ම කාරනය තමයි වරායේ ක්රියාත්මක සෞඛ්ය අංශය විසින් ඒ පිළිබඳව සොයා බැලීමක් කරල ඔවුන්ගේ අනුමැතිය ඒ සඳහා ලබාදීම. ඕනෑම නෞකාවක් රටට ඇතුළුවීමේදී ඒ අනුමැතිය ලබා ගත යුතුයි ඒ සඳහා සෞඛ්ය අමාත්යංශයෙන් පත් කළ අධ්යක්ෂවරයෙක් ඇතුළු වෛද්ය කණ්ඩායමක් වරාය තුළ ක්රියාත්මක වෙනවා.ඇත්තටම මේ සිද්ධිය සම්බන්ධයෙන් මා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ වෙලාවේ එතුමා මගෙන් මුලින්ම අහපු ප්රශ්නය තමයි මේ කටයුතු සඳහා වරාය සෞඛ්ය අංශයෙන් අවසරය ගත්ත ද කියන කාරණය.ඉන් අනතුරු ව තමයි මේ කටයුත්ත සඳහා ජනාධිපතිතුමා අනුමැතිය ප්රකාශ කළේ”
ඒ අනුව මෙරට ක්රියාත්මක සෞඛ්ය අංශවල පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම තුළ ඉහත නම් සඳහන් මගී නෞකාව කොළඹ වරායට සේන්දු වන අතර එහි සේවය කළ ශ්රී ලාංකික තරුණයා ට නැවත මව් රටට ගොඩ වීමට අවස්ථාව හිමිවන්නේ ඉන් අනතුරු ව ය .හේ නමින් මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අනුර බණ්ඩාර හේරත් ය.රටවල් රැසකට අයත් සාමාජිකයන් දහසක පමණ කාර්ය මණ්ඩලයකින් යුත් එම නෞකාවේ සේවය කළ එකම ශ්රී ලංකා තරුණයා වන ඔහු ඒ වන විට දැඩි මානසික ආතතියකින් පසු වී ඇත.එවැනි පසුබිමක් තුළ අනුර බණ්ඩාර හේරත් නැවත මවු බිමට රැගෙන ආ මෙහෙයුම් ක්රියාත්මක වූ ආකාරය පිළිබඳව ද අප විසින් වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් නැවත විමසීමක් කරන ලදී ඊට පිළිතුරු ලබා දෙමින් සභාපතිවරයා විසින් ඒ සම්බන්ධවද දීර්ඝ විස්තරයක් සිදු කරන ලදී .
ශ්රී ලාංකිකයෝ කියන්නේ සැබවින්ම සංවේදී ජාතියක් .මේ සිද්ධියේදීත් ඒක මැනවින් ඔප්පු කරලා පෙන්නුව.මොකද ඔය කියන තරුණයා විසින් නිකුත් කළ වීඩියෝ දැකපු බොහෝ දෙනෙක් මට පුද්ගලිකවත් කතා කරලා කිව්ව හැකියාවක් තිබෙනව නම් ඒ සඳහා මැදිහත් වෙන්න කියල.එහෙම දුරකථන ඇමතුම් දුන් දුක් පිරිස අතර ගරුතර මහා සංඝරත්නය පවා හිටියා.
ඒ සියලූ දෙනා දුරකථන ඇමතුම් මගින් එහෙම ඉල්ලීම් කරන්න ගත්තේ ඔය කියන තරුණයව පෞද්ගලිකව දැන හඳුනගෙන නෙමෙයි.ජාතියක් ලෙස ලාංකිකයා තුළ තිබෙන මනුස්සකම විසින් තමයි ඒ පෙළඹවීම සිද්ධ කරන්නෙ.
නමුත් පිරිසක් විසින් එහෙම ඉල්ලීමක් කලා කියල. එහෙමත් නැත්නම් ඒ නැවේ හිටියේ ශ්රී ලාංකික තරුණයා විසින් ඒ ඉල්ලීම කළා කියලවත් අපට එකවරම ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නැහැ.ඒක විධිමත් ක්රමවේදයක් හරහා සිදු විය යුතු දෙයක්.මෙ රට වරාය සම්බන්ධයෙන් ගත්තොත් නෞකාවන් එහෙමත් නැත්නම් එම නෞකාවක ගමන් කරන මගියෙක් හෝ කීප දෙනෙක් රට ඇතුළට ගන්නවා නම් මම ඉහත සඳහන් කළ ක්රමවේදය ඒ සඳහා අනුගමනය කළ යුතු වෙනවා.ඒ වගේම ඒ සඳහා පිළිගත් නීති රීති පද්ධතියක් රට තුළ ක්රියාත්මක වෙනවා.මුලින් මේ සඳහා වරාය තුළ ක්රියාත්මක සෞඛ්ය සේවා අංශයේ නිසි අවසරය ඒ සඳහා හිමි විය යුතුයි.දෙවනුව යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හදිසියේ රට තුළට ගොඩ බහිනවා නම් උන්ට අදාළව ආගමන විගමන නීති රීති ක්රියාත්මක කළ යුතු වෙනවා.ඒ දේවල් දෙන සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි විසින් එම තරුණයාව ගොඩබිමට රැගෙන එන කටයුතු කරන්නේ .මම නැවතත් පෞද්ගලිකව ජනාදිපතිවරයාට කතා කරල මේ සම්බන්ධය දැනුවත් කරාට පස්සේ එතුමාගේ පූර්ණ අනුමැතිය සඳහා හිමි වෙනවා.එතැන් සිට තමයි ශ්රී ලංකා වරාය අධිකාරිය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමක් මගින් මෙම තරුණයාව නැවතත් ගොඩ බිම වෙත රැගෙන එන්නේ ……”
ඒ අනුව හාබර් මාස්ටර් නම් බලය ලත් නිලධාරියෙක් සහ නාවික හමුදා භට පිරිසක් රැගත් යාත්රාවක් ගොඩ බිම සිට කිලෝමීටර හතරක් පමණ දුරකින් පිහිටි ප්ටබසසෙජ් මගී ප්රවාහන නෞකාව වෙත සමීප වන අතර මෙහෙයුමට සම්බන්ධ කණ්ඩායම් ඒ සඳහා ඉදිරි පත් වන්නේ පූර්ණ වෛද්ය උපදෙස් සහ අධීක්ෂණය යටතේය .ඒ අනුව එහි ළඟා වන මෙහෙයුමට සම්බන්ධ භට පිරිස සිය ක්රියාන්විතය ආරම්භ කරමින් පළමුව සිදු කරනු ලබන්නේ ප්ටබසසෙජ් නෞකාවේ සේවය කරමින් සිටී ශ්රී ලාංකික තරුණයා ව නිරුපද්රිතව භට පිරිස රැගත් යාත්රාවට රැගෙන ඒමය .ඉන් අනතුරුව සෞඛ්ය උපදෙස් වලට අනුව යාත්රාව තුළදීම විසබීජහරණයට ලක් කරන එම තරුණයාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන භට පිරිස දෙවනු ව ඉදිරිපත් වනු ලබන්නේ තවත් අවදානම් ක්රියාවක් පිණිසය .ප්ටබසසෙජ් නෞකාවේ කපිතාන්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව නෞකාව තුල හදිසි හර්දයාබාධයක් හේතුවෙන් අසනීප වූ ජර්මන් ජාතික කාන්තාවක් ප්රතිකාර පිණිස ගොඩබිම වෙත රැුගෙන ඒම එම අවදානම් ක්රියාව බවට පත් ව ඇත.වරාය සෞඛ්ය අංශය පූර්ණ මැදිහත් වීම මත නාවික හමුදා භට කණ්ඩායම විසින් එම කාන්තාව ප්රතිකාර පිණිස ගොඩබිම වෙත රැගෙන එන අතර ඉන් අනතුරුව ඇයව අතුළත් කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහල වෙතය මනාව පුහුණුව ලත් කණ්ඩායමක් විසින් එම මෙහෙයුම් කටයුතු දෙකම සිදු කරන අතර එම සිදුවීම සියැසින් දකින්න නෞකාවේ ගමන්ගත් ගමන් ගත් සංචාරකයන් පිරිස ඇතුළු කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මූවනොසෑහෙන සේ ශ්රී ලංකාවට ස්තූතිය පුද කිරීම එහිදී බොහෝ දෙනෙකුට දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක්ය.
ship4 ඉකුත් 6 දා කොළඹ වරායට නුදුරු මුහුදේ දී සිදු වූ මෙම සිදුවීම් මාලාව දෙස් විදෙස් මාධ්ය මගින් ලෝකය පුරා ප්රචාරය කළ අතර රටක් ලෙස ශ්රී ලංකාව එවැනි අවදානම් සහගත කටයුත්තක් පිනිස අත ගසනු ලබන්නේ කොරෝනා වෛරසය විසින් මුළු ලෝකයත් තරමක් දුරට ශ්රී ලංකාවත් තම අණසකට යටත් කර ගනිමින් පවතින වටපිටාවකය. පරක් තෙරක් නැති මහා සාගරයක් මැද අතරමං වීමේ අවදානමක පසුවූ විදේශීය මගී ප්රවාහන නෞකාවක්, එහි කාර්ය මණ්ඩලය සිටි ශ්රී ලාංකික තරුණයෙක් සහ හදිසි හෘදයාබාධයකට ලක්වූ ජර්මානු ජාතික කාන්තාවක් බේරා ගත් අතර එය ජාතියක් ලෙස ශ්රී ලාංකිකයන් සතු මනුෂ්යත්වය ලෝකේ හමුවේ නැවත වතාවක් ප්රදර්ශනය කළ සිදුවීම් මාලාවක් ලෙස මේ වනවිටත් ඉතිහාසයට එකතු වී හමාරය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු තවත් පිරිසක් සෘජුවම මැදිහත් වූ අතර රට තුළ පවතින අවදානම පසෙක තබමින් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ඒය ඔවුන්ගේ වගකීමක් සහ යුතුකමක් කොට සලකමින්ය .තමන් නිරුපද්රිතව මව් බිමට රැගෙන ඒම සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වමින් එම නෞකාවේ සේවය කළ අජිත් බණ්ඩාර හේරත් සඳහන් කර සිටියේ ශ්රී ලංකාව විසින් සිදුකල එම මැදිහත්වීම නොවන්නට ඉතාලිය බලා අඛණ්ඩව ගමන් කරමින් සිටී තමන් සේවය කළ නෞකාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් පෞද්ගලිකව තමන්ටත් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් ය.තමන්ගේ ම භාර ගැනීම පිණිස රජයේ විසින් කටයුතු කිරීම තම ජීවිතය ආරක්ෂා කර දුන් ක්රියාවක් සේ සලකන බවත් ඒ සඳහා දායකත්වය සැපයූ සැමට තමන්ගේ ස්තුතිය පුද කර සිටින බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බණ්ඩාර හේරත් විසින් ප්රකාශ කර සිටියේය.
අවසාන වශයෙන් ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ශ්රී ලංකා වරාය අධිකාරිය අධිකාරියේ සභාපතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු විසින් සඳහන් කර සිටියේ මෙම කටයුත්ත පිරිස මෙරට සෞඛ්ය අංශ මෙන්ම ශ්රී ලංකා නාවික හමුදාව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු තවත් බොහෝ දෙනෙක් මෙම කටයුත්ත පිණිස ඔවුන්ගේ පූර්ව සහයෝගය ලබාදුන් බවය .එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ මැදිහත් වීම මෙම කටයුත්ත පහසු කිරීම පිණිස ඉවහල් වූ බව සඳහන් කර සිටි සභාපතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ මෙම ක්රියාව හරහා ශ්රී ලංකාවේ ප්රතිරූපය සහ සෞඛ්ය අංශවල ඇති ශක්තිමත් බව ලෝකෙ හමුවේ නැවත නැවතත් ප්රදර්ශනය වූ බව ය.
රුවන් ජයවර්ධන.