Gossip

“මාස්ක්” පැළඳීම ගැන අමෙරිකානුවන්ගේ මතය මෙන්න

ඇමරිකා එක්සත් ජනපදය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා එළිමහනට යන විට මුහුණු ආවරණ පළඳින ලෙසට ඇමරිකානුවන්ට රජයෙන් කළ දැනුම් දීමට අනුව ඉකුත් සතියේදී ඇමරිකානු වැසියන්ගෙන් සියයට 55ක් මුහුණු ආවරණ පැළඳ තම කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව සිදු කර ඇති නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණයට සහභාගිවුවන්ගෙන් සියයට 45ක් තමන් එළිමහනට යන විට කිසිදු මුහුණු ආවරණයක් නොපැලඳි බව ප්‍රකාශ කර තිබේ ඇමරිකා එක්සත් ජනපදයේ ඒ බී සී පුවත් සේවය හා ඉප්සොස් යන ලෝක වෙළඳ පර්යේෂණ ආයතනය ඒකාබද්ධව පවත්වා ඇති මෙම සමීක්ෂණයට අනුව මෙසේ මුහුණු ආවරණ පැළදීමෙන්  කොරෝනා වසංගතය පැතිරීම සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බවට ශුභවාදී ආකල්පයක් දරන බව අනාවරණය වී ඇත්තේ ඇමරිකානුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පමණකි .

මෙහිදී ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයින්ගෙන්  එළිමහනට යන විට පසුගිය සතියේදී  මුහුණු ආවරණයක් පැළඳීම පිළිබඳව කළ මත විමසුමේදී  ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් සියයට 69ක් ම ප්‍රකාශ කර ඇත්තේ තමන් එළිමහනට යන විට මුහණු ආවරණයක් පැළඳි බවයි සියයට 31 ක් එසේ නොකළ බව ප්‍රකාශ කර තිබිණි .රිපබ්ලික් පක්ෂ නියෝජිතයින්ගෙන් සියයට 53ක්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් එසේ මුහුණු ආවරණයක් නොපැළඳි බවයි .එම පක්ෂයේ සියයට 47ක් පැළඳි බව ප්‍රකාශ කර තිබේ .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!