Gossip

කොරෝනා නිසා හෙදියක් වු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව

ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරස වසංගත හේතුවෙන් ලෝක ක‍්‍රීඩාවටම නිවාඩු ලැබී තිබේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගෙදර සිටියත් ඇතැම් ජනප‍්‍ර‍්‍රිය තරු පැතිර යන ලෝක වසංගතයට අවශ්‍ය අර්ථික ශක්තිය ලබාදීමට උත්සහකරයි. තවත් සමහරක් ක‍්‍රීඩකයන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙනු ලබයි. එය ලෝකයේ නන් දෙසින් සිදුවෙද්දී ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් හීට් ක‍්‍රීඩිකාවක් වන ලෝරා හැරිස් ලැබී ඇති නිවාඩු කාලයේදී හෙදියක් වශයෙන් සේවය කිරීමට පැමිණ තිබීම විශේෂත්වයකි.

ලෝරා හැරිස් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් එරට හසිදි සෞඛ්‍ය ඒකකයේ හෙදියක් වශයෙන් රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කිරීමට එක්ව තිබේ. අදාළ නිවාඩු දකුණු අප‍්‍රිකාවේදී ගත කිරීමට ඇය මීට පෙර සැලසුම් කර තිබුණත් ඔහු එයද පසෙක දමා ඔස්ටේ‍්‍රලියානු වැසියන් මුහුණ පාමින් සිටින අමාරු අවස්ථාවේදී ඇයට පුළුවන් සේවය ලබාදීමට ඉදිරිපත් වීම සුවිශේෂී කරුණකි.

‘‘මම කොරෝනා සායනයේ ඉන්න විට මිනිසුන් 300 ක් විතර පැමිණියා. එයින් භාගයක් විතර අපි පරීක්ෂා කළා. දැන් තත්ත්වය අනූව අපේ වැඩ තවත් අමාරුයි. කාටහරි හෙම්බිරිස්සාව හෝ කැස්ස තිබුණොත් දිගටම ඔවුන් පරීක්ෂා කරනවා රෝගය තියෙනවාද නැද්ද කියලා බලා ගන්න.’’යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!