Gossip

චීනයේ නගරයක් අගුළු දමයි – මාධ්‍යට නොකිව්වට චීනයේ තවමත් මිනිසුන් මැරෙනව ?

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට අගුලු ලා (ලොක් ඩවුන් )ලෝකයෙන් හුදෙකලා  කර තිබු හුබෙයි ප්‍රදේශයේ අගනුවර වන වුහාන් නගරය නැවත ලෝකයට විවෘත කරන විට රුසියානු දේශසීමාවේ පිහිටි චීන නගරයක් වන “සුයිෆෙන්හේ ” නගරයේ කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලු දැමීමට චීන බළධාරීහු පියවර ගෙන තිබේ.

ලක්ෂයක පමණ ජනගහණයක් වෙසෙන “සුයිෆෙන්හේ “නගරයේ සියලු වැසියන්ට තම නිවෙස්වලට වී සිටින ලෙසට චීන
බළධාරීන් විසින් උපදෙස් නිකුත් කර ඇති බව බී බී සී පුවත් සේවය පවසයි .චීනයේ අගනුවර වන බීජිං නගරයට සැතපුම් 1000ක පමණ දුරකින් පිහිටා ඇති මෙම නගරයේ මාර්ගයක් හා දුම්රිය හරස්මාර්ගයක් රුසියාව හරහා පිහිටා තිබේ.

මේ වන විට අගුලු ලා ඇති මෙම චීන නගරයේ කොරෝනා ආසාදිතයින් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 600කින් සමන්විත  රෝහලක්ද ඉදි කර ඇති බව වාර්තා වේ.

චීන බළධාරීන් විසින් “සුයිෆෙන්හේ ” නගරය අගුලු දැමීමට පියවර ගෙන ඇත්තේ ඊයේ දිනයේ චීනයෙන් වාර්තා වූ  වෙනත් රටවලින් පැමිණි කොරෝනා ආසාදිතයින් 59 දෙනාගෙන්  .25 දෙනෙකුම රුසියානු දේශසීමාව හරහා ඉහත කී නගරය මැදින් පැමිණ අනාවරණය වීම හේතුවෙනි.

මෙසේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සියලු දෙනා චීන ජාතිකයින් වන අතර ඔවුහු මොස්කව් නගරයේ සිට රුසියාවේ ව්ලැඩිව්ස්ටෝක් නගරයට පැමිණ මෙසේ චීනයට අදාළ නගරය හරහා ඇතුළු වී තිබේ .ඊයේ එසේ එසේ පැමිණි අයගෙන් හඳුනාගත් අය රොහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව හෙළි වී තිබේ.

ඒමන්ති මාරඹේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!