Gossip

“මියගිය පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන හෙළි නොකරන ලෙස උපදෙස් දීලා” – මළසිරුරු දාන්න කාඩ්බෝඩ් මිනී පෙට්ටි සැපයීමද අරඹයි

මියයන කොවිඩ් – 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඉක්වදෝර රජය විසින් මළ සිරුරු බහාලීම සඳහා කාඩිබෝඩ් මිනී පෙට්ටි සැපයීම ආරම්භ කර තිබෙනවා.
මීට දින දෙකකට පෙර පළමු වතාවට ගුආයක්විල් (guaquil) නගරයේ මියගිය පුද්ගලයන් වෙනුවෙන් කාඩ්බෝඩ් මිනීපෙට්ටි සැපයීමට ඉක්වදෝර රජය නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉක්වදෝරයෙන් මේ වන විට 4000 ඉක්මවූ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ලේඛන ගත වූ මරණ සංඛ්‍යාව 220 ක්.
එහෙත් නිවෙස්වලටම වී රැඳී සිටින ලෙස රජය විසින් සිදු කර ඇති අනිවාර්ය කිරීම් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව නියමිත ලෙස හඳුනා නොගත් රෝගීන් රැසක් මියයමින් තිබේ.
මෙම තත්ත්වය හමුවේ නිසි වෛද්‍ය පහසුකම් සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති ඉක්වදෝර රජය නිවෙස් තුළ මියයන පුද්ගලයන් වෙනුවෙන් කාඩ්බෝඩ් මිනීපෙට්ටි නිකුත් කිරීමට තීරණය කර ඇත. ඒවා ඉල්ලුම් කිරීමට දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා.
මේ අතර ‘දගාඩියන්’ පුවත්පත වාර්තා කර ඇත්තේ මියගිය පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන හෙළි නොකරන ලෙස බලධාරීන් විසින් සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!