නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය හදුනාගෙන දින 100 ක් පසුවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අනුදහස ඉක්මවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හදුගෙන මේ වන විට දින 100 ක් ගතව ඇත.
වෛරසය ලෝකයේ රටවල් 200 කට අධික සංඛ්‍යාව ව්‍යාප්තව පවතින අතර මේ වනවිට ලෝකයේ පුද්ගලයින් පහලොස් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලක්ෂ 3 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.