Gossip

ඔබ මේ ගැන දැනුවත්ද..? කොරෝනා වෛරසය මෙන් තවත් වෛරසයක් ඔබේ ගේ ඇතුලෙද..?

කොරෝනාවෛරසය වසංගතයක මට්ටමින් පැතිරයාමත් සමඟ එය වළක්වා ගැනීම සඳහා බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන සමාජ දුරස්ථභාවය වෙනත් සමාජීය ගැටලුවලට හේතුවී ඇති බවක් පෙනී යනවා.
එම ගැටලු අලුත් නොවන නමුත් ඒවා බරපතල අතට හැරෙමින් පවතින බවක් මාධ්‍ය වාර්තා මගින් පෙන්නුම් කරනවා.

ඉන් ඉතා බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ ගෘහස්ථ හිංසනයක්.

ගෙදොරදොරේ සිදු කෙරෙන වධහිංසාවන්ට ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම ගොදුරු වෙයි.

එකී ගැටලුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කළේ “කොරෝනා වෛරස් උවදුරත් සමඟ නිවෙස් තුළ කොටුව සිටින අතරවාරයේ පහර කෑමට ලක්ව රෝහල් කරා එන පුද්ගල සංඛ්‍යාවේ යම් වර්ධනයක්” පෙන්නුම් කෙරෙන බවය.

“කොරෝනා වෛරස් උවදුර පැතිර යාමට පෙර දවසකට රෝගීන් 275-285 අතර සංඛ්‍යාවක් එනවා. ඔවුන් අතර ගෙදොරදොරේ හිංසාවන්ට ලක්වී පැමිණි අය සිටියේ සීමිත සංඛ්‍යාවක් එහෙත් අද රෝගීන් එන්නේ 80-90 ක් වගේ සංඛ්‍යාවක්. නමුත් පසුගිය දිනක ඒ කුඩා සංඛ්‍යාව අතර කාන්තාවන් 5 ක් 10 ක් විතර දවසකට පහර කෑමට ලක්ව තිබුණා. පසුගිය දිනවල එවැනි පහරදීම්වල‍ට ලක්වූ කාන්තාවන් 50 ක් විතර සිටියා” යනුවෙන් ඇය කියා සිටියාය.හෙද නිලධාරිනිය පවසන පරිදි එම කාන්තාවන්ට පහර දෙනු ලැබ ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් යයි දැන ගැනීමට ලැබී ඇත.

මත්ද්‍රව්‍ය හෝ ගෙදරදොරේ වැඩ කටයුතුවලදී මතුවෙන ප්‍රශ්න එවැනි පහර දීම්වලට හේතුවී ඇති බවත් හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කරයි.

එකී පහරදීම්, හේතුවක් ඇතිව හෝ නැතිව සිදුව ඇති ක්‍රියාවන් බවත් කී ඇය “ඇතැම් පහරදීම් මධ්‍යම මට්ටමේ ඒවා වූ අතර සමහර ඒවා බරපතල පහරදීම්” යනුවෙන් පැවසීය.

එක් රටකට පමණක් සීමා නොවන ගැටලුවක්
මහජනයා නිවෙස්වල රැඳවීමට (lockdown) පියවර ගැනීමෙන් පසු ‘ගෙදොරදොර ප්‍රචණ්ඩ ක්‍රියාවලට’ අදාළව බ්‍රිතාන්‍යයේ ජාතික ගෘහස්ථ හිංසා උපකාරක සේවය වෙත දුරකතන ඔස්සේ ලැබෙන පැමිණිලි 25% කින් පමණ වැඩි වී ඇතැයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ශුභසාධන සංවිධානයක් පෙන්වා දෙයි.

‘Refuge’ නමැති එම ආයතනය පවසන්නේ ගතව ගිය සති තුනක කාලය දෙස බලන විට පළමු සති දෙකට වඩා තුන්වෙනි සතියේ පටන් ‘ගෙදොරදොර ප්‍රචණ්ඩ ක්‍රියා’ සම්බන්ධයෙන් සිය ගණනක් වැඩිපුර දුරකතන පණිවුඩ ලැබී ඇති බවය.

මෙයින් දින කීපයකට පෙර සිය පීඩකයාගෙන් බේරී පළාගිය කාන්තාවක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ “ලොක්ඩවුන් කිරීමත් සමග ගෙදර ජීවිතය දරාගත නොහැකි තත්ත්වයකට පත් වූ” බවය.

සිය නම අනාවරණය නොකරන ලෙස ඉල්ලමින් ‘ටාරා’ යනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූ එම කාන්තාව “සිය සහකරු මාස හයක පමණ කාලයක සිට තමාට ශාරීරික සහ මානසික පීඩාවන් සිදු කරන බව සඳහන් කළාය.

ආණ්ඩුව පසුගියදා මහජනයා නිවෙස්වල රැඳවීමට (lockdown) පියවර ගැනීමෙන් පසු තත්ත්වය තවත් බරපතල අතට හැරුණු බව ඇය පවසන්නීය.’ලොක්ඩවූන්’ කරනු ලැබීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවක් පෙන්නුම් කෙරෙයි.

ගෙදොරදොර හිංසනයට ගොදුරු වෙන්නන්ට පිහිටවීම සඳහා එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වෙන ජාතික ආයතනයේ වෙබ් අඩවියට පිවිසි කෙනෙකුට පසුගිය සතිය තුළ එවැනි හිංසන වාර්තාවන්හි මට්ටම 150%කින් ඉහළ ගොස් ඇති බවක් පෙනී යනු ඇත.

එක්සත් රාජධානියේ දැන් බල පැවැත්වෙන සමාජමය දුරස්ථභාවයට අදාළ තහංචි හේතුවෙන් ගෙදොරදොර ප්‍රචණ්ඩත්වය සහ මනුෂ්‍ය ඝාතන වැඩිවිය හැකි යයි හිංසනයට එරෙහි ක්‍රියාධාරිනියක වන රේචල් විලියම්ස් (Rachel Williams) පෙන්වා දෙන්නීය.

“ලොක්ඩවුන් කිරීම නැත්නම් සමාජ දුරස්ථභාවය පටන් ගත්තාම ළමුන් සහ කාන්තාවන් ගෙදොරදොර හිංසනයේ ගොදුරු බවට පත්වීම වැඩිවෙමින් තියෙනවා” යනුවෙන් ”Refuge ආයතනයේ විධායක නිලධාරිනී සැන්ඩ්රා හෝර්ලි (Sandra Horley) පවසන්නීය.

“ගෙදොරාදොර හිංසන කියන්නේ සෑමවිටම පහරදීමක් නොවෙයි. එය තර්ජනය කිරීම සහ බලහත්කාරී චර්යාවක් වැනි පාලනය කිරීමේ ආකාරයක්. ඒවගේම සංවේදී, ආර්ථිකමය, මානසික හෝ ලිංගික බලපෑමක් වෙන්නත් පුළුවන්” යනුවෙන් ඇය කියා සිටී.

“ලොක්ඩවුන් කිරීම හෝ සමාජ දුරස්ථභාවය පටන් ගත්විට ළමුන් සහ කාන්තාවන් ගෙදොරදොර හිංසනයේ ගොදුරු බවට පත්වීම වැඩිවෙමින් තියෙනවා” ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

රේචල් විලියම්ස් වසර 18 ක් එකට ජීවත් වූ සිය සැමියාගෙන් වෙන්වෙන බව දැනුම්දුන් මොහොතේ සැමියා ඇයට සැහැල්ලු කෙටිදුර වෙඩි තැබිය හැකි තුවක්කුවකින් ඇයට වෙඩි තැබුවේය.

“මට පෙනෙන විදිහට ගෙදරදොර හිංසාවන් ඉහවහා යයි” යනුවෙන් රෙචල් පවසන්නීය.

(බී.බී.සිය ඇසුරෙනි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!