ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
ඒ අනුව යුරෝපයේ මාරාන්තිකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් පමණක් එලෙස 66,000කට පමණ දිවි අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘‘වෙද්‍ය පාසලේ’’ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතතනය මෙම පර්යේෂණය කර ඇත.
එහි දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් යුරෝපයේ පමණක් 151,680 දෙනකු මිය යා හැකි බව අනාවරණය වී තිබේ.
‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
පසුගිය වසරේදී වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය මුලින්ම නැගෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත විය.
ඉන් අනතුරුව බටහිර යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසය ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දහස් ගණනකට මරු කැඳවූහ.
වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ලබන ජූලි මාසය වනවිට මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇති ඉතාලිය සහ ස්පාඤ්ඤයටත් වඩා වැඩි මරණ ගණනක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත.
