නව කොරෝනා වෛරසය ආසාදනවී රෝහල් ගත කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිඛේ.
අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ
මේ සමගින් බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම, අගමැති නියෝගයෙන්, එරට විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පවරා ඇති අතර, අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ වගකීම මේ යටතේ ඔහු වෙත පැවරෙනු ඇත.
අගමැතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ ද දැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ, ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි.
