මේ වෙද්දි කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ජීවිත 69451 ක් බිළිගෙන තිබෙනවා.
වැඩිම මරණ ගණනක් වාර්තා වන ඉතාලියේයි.
ඒ මරණ 15,887 ක්.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ඒ් 336,673 ක්.
ඒ විදිහට කොරෝනා ලොවම බිලිගනිමින් ඉද්දි නිව්යෝක්හි රෝහල් ශාලාවක බිම තබා ඇති “බොඩි ” (ශරීර බහාලන බෑග්) කිහිපයක ඡායාරූප පෙලක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
අවුරුදු 65 සහ ඊට අඩු වයසින් වැඩි 2400 කට වැඩි පිරිසක් කොරෝනා රෝගයෙන් අවසන් ගමන් ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
තවද තාවකාලික මෘත ශරීරාගාර විදිහට ක්‍රියා කරන හිස් ශීතරකරණ සහිත ට්‍රේලර් රෝහල්වලින් පිටතද සවිකර ඇති අයුරු එම ඡායාරූපවල දැක්වෙනවා.
කොරෝනාවට බිළිවුණු රෝගීන් රෝහල්වල කොරිඩෝවේ තිබෙන තැඹිලි පැහැති මෙම බෑග් තුල කාටත් රහසේම අවසන් ගමන් යනවා..
අන්තර්ජාලයේ හුවමාරු වුණු ඡායාරූප පහතින්..
