කොරෝනා වෛරසය හේතුවෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇදිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කළා.
එම ප්‍රදේශවලට නැවතත් දහවල් 2 වනවිට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.
අවදානම් කලාප ලෙස නම්කර ඇති දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය බලාත්මක වනවා.
තවද දිස්ත්‍රික්ක අතර ගමනාගමනය අත්‍යවශ්‍ය සේවාවන්ට හැර අනෙකුත් සියළු අයට තහනම් කර තිබෙනවා.
නිවසේ සිට වැඩ කරන කාලය ලෙස නම් කර තිබූ කාලයද අද සිට ලබන සිකුරාදා තෙක් දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණා.
