කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති කොළඹ, ගම්පහ කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ඉවත් කෙරෙනවා.
එදිනම යළිත් පස්වරු 2.00 ට එම දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තවදුරටත් තහනම් වනවා.
