Gossip

“ඉරිදා පැවැත්වූ ආගමික උත්සවයට පැමිණි පූජකවරයාටත් කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ බව හෙළිවෙයි.. 150 කට අධික පිරිසක් ආගමික උත්සවයට එක්වෙලා.”

යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා.
එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් සඳහන් කර සිටියේ.
මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
මෙම ආගමික උත්සවයට සහභාගිවූ පුද්ගලයින් කවුදැයි සොයා මේ වන විට පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාමසේවක නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කර සිටියේ.
එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති CCTV කැමරා උපයෝගී කර ගනිමින් අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත්, යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!