ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනපති ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.
1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේද කටයුතු කළා.