පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය 30 වනදා නව ආණ්ඩුවට එක්වෙමින් දුනේෂ් ගන්කන්ද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත්තා.
දුනේෂ් ගන්කන්ද මහතා ඊයේ එම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියා.