Gossip

අද හවසත් පැනිල්ලක්? අලුත් අගමැතිට බහුතරය හිමිවෙයි?

අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම දිවුරුම්දීමේ කටයුතු අද පස්වරුවේ සිදුවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

එමෙන්ම එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිනයේ දිවුරුම් දුන්නා.

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 07 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.

මේ අනුව නව රජයේ රජයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 99 දක්වා පහත ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!