අපි හැමෝගෙම ජීවිතේ ආදරය කියන මාතෘකාවට තියෙන්නේ ඉහළම තැනක්.
සමහර පෙම්වතුන්ට ජීවිතේ කවදාවත් එක්වෙන්න බැරිවුනත් ඔවුන්ගේ බලාපොරොත්තු හරිම සුන්දරයි.
මිහිඳුගේ මේ අලුත්ම ගීතයත් ඒ වගේ.
තමන් පන වගේ ආදරය කරපු පෙම්වතිය පළමු වරට මවක් වෙලා.
ඒ ඔවුන් බලාපොරොත්තු වුන විදිහටම දියණියක්.
මේ සිංදුව ලියලා තියෙන්නේ මනුරංග විජේසේකරයි. සංගීතය අශාන් ප්රනාන්දුගෙන්.