Gossip

බේරුවල කොරෝනා ආසාදිත ගැබිණියක් රෝහල් ගතව දරුවකු ප්‍රසූත කරයි

බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සිටි ගම්මනායේ ගැබිනි මවක් ව්‍යාජ ලිපිනයක් ලබාදී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවක දරුවෙකු ප්‍රසූත කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ 28 හැවිරිදි මෙම මව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති බවයි.

පසුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

අනතුරුව ඇගේ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන ඇත.

අදාළ කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

කෙසේ වෙතත් එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!