නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා ගෝත්‍රික විශ්වාසයක් අනුව ගෝත්‍රික ජනතාව ‘‘චේම්බරි.. ගෝත්‍රිකයින් (Chambri) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ගෝත්‍රික ජනගහනය මේස්බයි ප‍්‍රදේශයට කි. මී. 72 ක් පමණ වයඹ දිගින් පිහිටි ජනාවාසයන්හි විසිරී දිවි ගෙවති. ඔවුන්ගේ ජනාවාස Indingai, Kilimbit සහ Wombum ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව ඇත. සේපික් ගංගාවට නැගෙනහිර දෙසින් පිහිටි Palembe ගම්මානයේ පිරිමි දරුවන් ද මෙම චාරිත‍්‍රය අනුගමනය කරන පිරිසක් බවට පත්ව සිටිති.
වයස අවුරුදු 11 සිට 30 අතර වයසේ චේම්බරි ගෝත්‍රයේ පිරිමි දරුවන් මෙම චාරිත‍්‍රය හෙවත් පිට” පපුව සහ තට්ටම යන ප‍්‍රදේශයන්හි කඩතොලූ කිරීම සිදු කරති. ඒ අන්දමින් කිඹුලාගේ පිටට සමාන සේ කඩතොලූ කර ගැනීම යනු පිරිමි දරුවෙක් පුරුෂයකුගේ පෞරුෂත්වය ලැබීම ලෙස සලකනු ලැබේ. මෙම චාරිත‍්‍රය සේපික් ගංගාව අසලදී සිදු කෙරෙන අතර භුත බංගලාවන් (spirit house) ලෙසින් හැඳින්වෙන සේපික් ගංගාව අසල ඉදි කර ඇති නිවාසයේ ලැගුම් ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. එයින් අනතුරුව නියම කර ගත් දිනට පිරිමි දරුවන්ගේ පිට ප‍්‍රදේශයේ කිඹුල් සමට සමාන වන සේ කඩතොලූ කරන අතර මෙය ඉතා වේදනාකාරී සිදු වීමකි. ආගමික පුද පූජාවන් පවත්වමින් මෙම කඩතොලු කිරීම් සිදු කරති. කිසිදු වේදනා නාශකයක් හෝ භාවිතා කිරීම ඔවුන්ට තහනම්ය. ඊට හේතුව වේදනාව දරා ගැනීමට ඇති හැකියාව නිසා අනාගතයේදී සමාජයේ පූර්ණ පෞරුෂයකින් යුක්ත පුරුෂයෙකු සේ ජීවත්වීමට මෙම දරුවන් හැකියාව ලැබීමට මෙම අවස්ථාව සුදුසුකම් සපුරා ගැනීමක් ලෙසින් සලකන නිසාය.
සෞඛ්‍යාරක්ෂිත නොවන මෙම ඇදහිලි විධි නිසා මරණ පවා සිදු වී ඇති බවට වාර්තාවන් තිබේ.
මෙම කැපුමක් සෙ.මි දෙකක පමණ දිගින් යුක්තය. ඉතා වේදනාකාරී කැපුමෙන් පසුව තුවාල මුඛයේ “මඩ” කොළ යුෂ ආදිය තවරා ගිනි මැලය අසල සිටුවා තබති. ගින්දර නිසා ශාක පත‍්‍ර සහ මැටිවලට දුම් වැදී තුවාල මුඛයේ කිඹුල් සමට හුරු රටාවක් නිරූපනය වේ. පිට පුරාවට රටාව සම්පූර්ණ වූ පසුව මෙම පිරිමි දරුවා සම්පූර්ණ පිරිමියෙකුගේ තැනට පත් වෙන අතර ඔහුට හිස් පළඳනාවක් සහ ආභරණ පළඳවා හරසර දක්වති. දැන් මෙම පිරිමි දරුවන් සැබෑම පුරුෂයින් සේ සලකන අතර භුත බංගලාවේ තවදුරටත් රැඳී සිටිමින් ආගමික වේද සහ ජීවන මාර්ග පිළිබඳව දැනුවත් බව ලබා ගනිති.