Gossip

කොරෝනා ව්‍යාප්තිය පාලනය පිළිබද සමාලෝචයක් – ඉදිරි තීරණ මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රටතුල ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සමාලෝචනයක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය  තැබු සටහනක්  පහතින් දැක්වෙයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි කළේය.

රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම මා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුවමාරුවේදී ප්‍රකාශ කෙරිණ. එසේ වුවද අවදානම තවම පහව ගොස් නැත.

රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමිනි.

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද තීරණය කරනු ලැබීය.

දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේ දී එකඟත්වය පළ විය.

ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ද තීරණය කෙරිණ. වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතකි. ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීහූ සඳහන් කළහ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!