අනේ මගේ අම්මියෝ ඔයා කොහෙද ඉන්නේ.. ඇයි අමිමි ඔයා මව බලන්න එන්නෙ නැත්තේ…
තාත්ති ඔයත් එන්නෙ නැද්ද … අම්මි වගේම ඔයත් මාව දාලා ගිහින් ද … අනේ එන්නකො මගෙ අම්මියෝ දෝනිට තනියෙන් ඉන්න බෑ අම්මි.
එදා ඒ ඛේදජනක සිද්දියෙන් පසුව අහිංසක පුංචි දරු පැටවු කී දෙනෙක් මෙහෙම විලාප දෙන්න ඇත්ද? අමිමා තාත්තාගේ සිරැරැ බදාගන ඔවුන්ව ඇහැරවන්න දගලන්න ඇත්ද?
“පාස්කු ඉරිදා” කාගේත් කන වැකුණු විගස, මතකයට නැගුණු විගස සිත් වලට සංවේගය දැනෙන්නේ අපේම අයවලුන්ගේ අහිංසක ජීවිත බොහොමයක් තුස්තවාදීන්ගේ කුරිරැ ආශාවන්ට බිලිවූ නිසාවෙනි.
පාස්කු ඉරැ දින සිදු වූ ප්‍රහාරයන්ගෙන් බොහෝ ජීවිත අහිමි වී තිබුණා. ඒ අතරින් දැනුම් තේරැමක් නැති මල් කැකුළු තමන්ගේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයින් නැතිව මහමෙරක් තරම් වේදනාවක් කොහොම දරාගන්නද?
තව පුංචි පැටව් කී දෙනෙක් මේ විදියට තනිවෙලා දුක්විදිනවා ඇත්ද? තමන්ගෙ ලෝකේ වීරයා වුණු තාත්තව, තමන්‌ගෙ හැමදේම වුණු අම්මව නොතේරැම් කමට හැමතැනම හොයනවා ඇත්ද? අම්මා කොයිවෙලේ ද ගෙදර එන්නෙ,
තාත්තා ඇයි තාම අවේ නැත්තේ මේ වගේ කොතෙකුත් ප්‍රශ්ණ අහනවා ඇද්ද? කොතෙකුත් අඩනවා ඇත්ද? ඒ අය අයෙ එන්නේ නෑ මගේ පුතේ කියා කවුරැන් හෝ පැවසුවත් පිළිගන්නේ නොහැකිව කොතෙකුත් අඩනවා ඇත්ද? කොහොම තේරැම් කරන්න ද දෙයියනේ මේ පුංචි හිතට.
දෙමාපියන්ට දරැවන්ද, දරැවන්ට දෙමාපියන්ද, ඔහුට බිරිද ද , ඇයට සැමියා ද, එක කුසේ උපන් සහෝදරියන් ද සහෝදරයො ද අමනුෂ්‍ය වේෂයෙන් ආ මිලේඡයන් බිලිගත්තේ ආනන්තරීය පාප කර්ම කර ස්වර්ගස්ත වීමය හැකී යන මන්ද මනසිකත්ව චේතනාව ප්‍රමුඛ කරගනද යන්න තාමත් නොතේරෙන කරැණකි.
ආදරණීයයන් අහිමි වීම පණ ඇති ඔිනම කෙනෙක්ට විදින්න වෙන දරැණුම වේදනාවකි.
අහිමි වීම යනු ලෝක ස්භාවය වුණත් ඒ අමිහිරි සත්‍ය නොපිළිගන්නේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම මෙන් ම බැදීම්වල වටිනාකම මානුෂීය හැගීම් ඇත්තවුන් දන්න හෙයිනි.
ත්‍රස්තවාදයට මානුෂීය හැගීම් නැත. සිදුවන්නේ ත්‍රස්තවාදයේ ක්‍රියාවන් හේතුවෙන් අහිංසක ජීවිත හේතුවක් නොමැතිව වන්දි ගෙවීමයි. කුරිරැ ප්‍රහාරය සිදුවී සති 2ක් ගෙවී ගියත් කී දෙනෙක් තාම අඬනවා ඇද්ද? මෙසේ වන්දි ගෙවන්ට අසරණ ජීවිත කර ඇත්තේ කුමනාකාරයේ පාපයන්ද?