Gossip

“ඒ පොස්ට් දැකලා දුක හිතුනේ නැහැ – ඔහු කාන්තාවන්ට කොපමණ ගරු කරනවද කියලා මම හොඳටම දන්නවා” – සමාජජාල මාධ්‍යයන්වල පළවූ ඡායාරූප ගැන බන්ධුල ගුණවර්ධනගේ දියණිය කිව්ව කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කාන්තාවක් සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල ඉතාමත් සීඝ්‍ර යෙන් සමාජාල මාධ්‍යයන්වල පැතිරෙන්න පටන් ගත්තා. මේ ඡායාරූපයට බොහෝ අය විවිධ අර්ථකතන දී තිබුණා. මේ අර්ථකතන නිසා බන්ධුල ගුණවර්ධනගේ දියණිය කුමුදුමලී ගුණවර්ධන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදා තිබුණා.

මේ එම සටහනයි.

පලමුවෙන්ම මෙ දවස් කීපයේ මට මෙසෙජ් කරපු, call කරලා දුක සැප බලපු හැමෝටම මම මුලු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා, මගේ ආදරණිය පියාගේ ඡායාරූපයක් සමාජ ජාලවල සැරි සරන්න පටන්ගත් දවසේ ඉදන් අප පවුල වෙනුවෙන් සිට ගත් හැමෝටම ස්තුතියි , මේ සමාජයේ ඥානවන්ත පිරිස් තාමත් සිටින බවට ඔවුන් නිසැකවම උදාහරණයක්.

ඇත්තම කියනවා නම් මට ඒ පොස්ට් දැකලා දුක හිතුනේ නැහැ, හාස්‍ය ඉපැද්දුවා පමනයි. මට එය හාස්‍යජනක දෙයක් වුනේ මම මගේ පියා ගැන හොදාකාරවම දන්න නිසා, ඔහුගේ චරිතය ගැන මම දන්න නිසා!!
ඔහුට තමන්ගේ පවුල කොයිතරම් නම් වටිනවද කියලා මම දන්න නිසා, මගේ අම්මට පන ඇරලා ආදරේ කරනවා කියලා මම දන්න නිසා, මගේ මවට කොයිතරම් නම් ගරු කරනවා ද කියා මම දන්න නිසා.

ඔහු කන්තාවන්ට කොපමණ ගරු කරනවද කියා දුවෙක් විදියට මම හොදටම දන්න නිසා….

මගේ පියා මේ රට වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයේ හරි අඩකට වඩා කැප කරලා තියෙන මනුස්සයෙක්. මට ආඩම්බරයි මගේ තාත්තා ගැන, කවමදාකවත් දූශිත දේශපාලකයෙක් කියා කාගෙන් වත් වචනයක් වත් අහපු නැති දැවන්ත මනුස්සයෙක්.හොරෙක්, මිනි මරුවෙක් වංචා කාරයෙක් කියා චොදනා එල්ල නොවු සුපිරිසිදු දේශපාලකයෙක්, මනුස්සයෙක්…එය දරාගන්න බැරි අවස්තාවාදි බුද්දියෙන් අඩු කීප දෙනෙක්ට ඔහූගේ සුපිරිසිදු චරිතය අමු අමුවේ ඝාතනය කරන්නට උවමනාවී ඇති බවට පැහදිලියි.

මගේ පියා ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් .තමන්ට වඩා රටේ ජනතාව ගැන හිතපු මනුස්සයෙක්. අපි ඉපදුන දා සිට අපිට රජයෙන් ලබා දෙන නිවස් වල සැප පහසුකම් ගැන අත්දැකීමක් නොතිබිනි,රජයේ වාහන පාවිච්වි කරපු හෝ ආරක්ෂක රථ පෙලපාලි වලින් ගමන් කරපු මිනිස්සු නෙමෙයි, මට ආඩම්බරෙන් කියන්න පුලුවන් අපි මේ රටේ බදු සල්ලි වලින් සතයක් අවභාවිතා කරලා නැහැ, අපිට ඔහු හැමදාමත් ඉගැන්නුවේ දෙපයින් හිට ගන්න, දේශපාලන බලය කවදාවත් පාවිච්චි නොකරන්න කියලයි ….මම මගේ පියා ගැන ආඩම්බරයි…

මගේ පියාගේ මෙම “ආන්දොලාත්මක” ඡායාරූප සහ බොරු දදා සමාජ ජාලාවල පතුරවපු මේ රටේ facebook admin ලට මට කියන්න දෙයක් තියෙනවා, මතක තියාගන්න කර්මය හරිම බලගතු දෙයක්, අනුන්ට කරන දේ තමන්ට ආපස්සට වෙන්න පුලුවන් කියලා මතක තබා ගන්න, ඔබ කෙලසුවේ අහිංසක මනුස්සයෙක් ගේ චරිතය, කර්මය නොබෝදිනකින් ඔබගේ දොරටත් තට්ටු කරාවි….

අවසානයට, මම Dr.Anna Barchetti Durisch ගෙන් මම සමාව ඉල්ලන්න කැමතියි, ඇයට අපහස කරපු දහස් ගනන් ශ්‍රී ලාංකිකයන්ට වඩා සේවයක් ඇය මේ රට වෙනුවෙන් කර ඇත, ගෙදර පරිගනකයට මුවාවී “සටන්” කරන “කීබෝර්ඩ් වීරයින්”ට වඩා ඇය මේ රට වෙනුවෙන් සේවය කර ඇත. ඒ වගේ කීපදෙනෙක් ගේ මෝඩ වැඩ නිසා ඔබ මෙතුවක් කල් මේ රටට කරපු සේවය නවතා නොදමයි කියා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,මේ රට ගැන ඔබට තියෙන ගරුත්වය ආදරය අඩු නොවෙවා කියා මා ප්‍රාර්ථනා කරමි.

මේ ඡායාරූපේ පල කල අයගේ චෙතනාව කෙසේ වුවත් මට කීමට ඇත්තේ මගේ පියා පිළිබඳව මගේ පවුලේ සහ මගේ හිතේ තිබුණ ඔහු කෙරෙහි ගෞරවය තව තවත් වැඩි වීමක් මිසක අඩු වීමක් සිදු නොවන බවයි .

තවත් වැදගත් දෙයක් කියන්න අවසරයි .මේ ඡායාරූප පල කල සියලු කාට කටත් බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි !

-කුමුදුමලී ගුණවර්ධන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!