Gossip

මඩකලපුවේ සියෝන් දේවස්ථානයට ගිහින් බෝම්බය පුපුරවගන්න කළින් බෝම්බකරු තවත් දේවස්ථානයකට ඇතුළුවෙලා?

පසුගිය 21 වන පාස්කු ඉරිදා මඩකලපුවේ සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට පෙර එම මරාගෙන මැරෙන බෝම්බකරු සාන්ත මරියා දේවස්ථානයට ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම බෝම්බකරු සාන්ත මරියා දේවස්ථානයට ළඟාවන විට පාස්කු දේව මෙහෙය නිමාවීම නිසා සියෝන් දේවස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සියොන් දෙව්මැඳුරට පැමිණි අවස්ථාවේ දී ද එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුගේ පරීක්ෂාවට ලක් වීම නිසා බෝම්බකරු දෙව්මැඳුරට ඇතුළු වීමට පෙර එය පුපුරවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!