Gossip

“ත්‍රස්තයන්ගේ වත්කම රුපියල් මිලියන 40 ඉක්මවයි.” – පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ ත්‍රස්තයන්ගේ තොරතුරු රැසක් එළියට ආ හැටි

අප්‍රේල් මස 21 වන දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විමර්ශනවලදී ත්‍රස්ථවාදී කණ්ඩායමේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබේ.
ඒ අනුව, මෙම ත්‍රස්ථවාදී කණ්ඩායම සතු තිබුණු රුපියල් මිලියන 140 කට වැඩි මුදල් ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
අද(06) කෙළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේය.
මෙම මුදල්වලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති අතර, ඉතිරි මුදල් බැංකු ගිණුම්වල තැන්පත්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එම ගිණුම් මේ වන විට තහනම් කිරීමටත් CID කටයුතු කර ඇති බවද සඳහන් වෙයි.
ඊට අමතරව මොවුන් සතුව ඇති වෙනත් වත්කම් ගණනාවක් හෙළි වී ඇත.
වෙනත් වත්කම් සම්බන්ධයෙන් රුපියල් බිලියන 7 කට වැඩි වත්කම් ප්‍රමාණයක් ගැන අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
එම වත්කම් ද මේ වන විට තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව ද පොලීසිය පවසයි.
මෙම බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අතර ඉන් 7 ක් කාන්තාවන් බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.
තවත් සැකකරුවන් 19 ක් ත්‍රස්ථවාදී විමර්ශන කොට්ඨාශය බාරයේ සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉන් දෙදෙනෙක් කාන්තාවන් බව ද සඳහන් කළේය.
මේ අනුව අප්‍රේල් 21 ප්‍රහාරයන්ට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 73 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ථවාදී විමර්ශන කොට්ඨාශයේ මේ වන විටත් රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරයි.
එමෙන්ම යාපනයේ විද්‍යාලයකට පෙරේදා දිනයේ දී තර්ජනාත්මක ස්වරූපයෙන් ලිපියක් ලැබීම ගැන යාපනය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම ලිපියේ නම සඳහන් කර තිබු පුද්ගලයා අනාවරණ කර ගෙන ඔහු සොයා ගැනීමට හැකි වු බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නමුත් විමර්ශනවලදී එම පුද්ගලයා එවු ලිපියක් නොවන බවත් ඔහු සමඟ අමනාපයක් ඇති අයෙක් විසින් මේ දේ කර ඇති බවට අනාවරණය වු බව ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!