Gossip

WWE රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව

කවිතා දේවි, ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ඇයයි.

බිරිඳක් සහ මවක් බවට පත් වූ කවිතා දේවිට ක්‍රීඩාව හඹා නොයන ලෙස බල කෙරිණි.

කෙසේ නමුත් රෙස්ලින් වළල්ල තුළ ඇය සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ දීර්ඝ සටනකට පසුවය.

“විවාහ වෙලා දරුවෙක් හම්බ වුණාට පස්සේ රෙස්ලින් පසුපස නොයන ලෙස මට කිව්වා. නමුත් ගෙදර ඉන්නකොට හුස්ම හිරවෙනවා වගේ දැනුණා. මම ජීවිතේ නැති කර ගන්න උත්සාහ කළා” යනුවෙන් ඇය අතීතය සිහිපත් කරන්නීය.

කෙසේ නමුත් ක්‍රමයෙන් ඇයට සිය පවුලේ සාමාජිකයන්ගේ සහාය හිමි වී ඇති අතර දකුණු ආසියාව තුළ පැවති බර ඉසිලීමේ තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය.

WWE රෙස්ලින් වළල්ලට පිවිසි පළමු ඉන්දියානුවා වන ග්‍රේට් කාලි යටතේ ඇය මේ වනවිට පුහුණුව ලබන්නීය.

“මම වළල්ල ඇතුළේ ඉන්නකොට මට පුතෙක් හෝ පවුලක් ඉන්නවා කියලා අමතක වෙනවා. මම හිතන්නේ තරගය ගැන විතරයි”

කෙසේ නමුත් ඉන්දීය උරුමය රැක ගනිමින් තවතවත් කාන්තාවන් දිරි ගැන්වීම සිය බලාපොරොත්තුව බව කවිතා දේවී පවසන්නීය.

“මම අඳින්න තොර ගත්තේ සල්වාර් ඇඳුමක්. මොකද ඕනෑම ඇඳුමක් ඇඳන් සටන් කළ හැකි බව අනෙක් කාන්තාවන්ට පෙන්වන්න මට ඕන වුණා” යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!