Gossip

සල්මන් කත්‍රිනා පෙම් කතාවට ආයෙත් පණ ලැබෙන ලකුණු

අලි Tiger Zinda Hai චිත්‍රපටය සල්මන්ගේ ක්‍රියාදාම රංගනයන් දැක ගත හැකි තවත් සාර්ථක නිර්මාණයක්. Tiger චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටින සල්මන් හා කත්‍රිනා යුවළ කාලයක් සැබෑ ජීවිතයේදිත් පෙම්වතුන් වී සිටියා. Tiger චිත්‍රපටයේ පළමු නිර්මාණය වඩාත් සාර්ථක වෙන්න මේ කාරණයත් හේතු වෙන්න ඇති.

කොහොම වුණත් මේ සාර්ථකත්වය නිසාම Tiger චිත්‍රපටයේ දෙවැනි කොටසTiger Zinda Hai නමින් නිර්මාණය වෙනවා. සැබෑ ජීවිතයේ පෙම්වතුන් වුණ සල්මන් – කත්‍රිනා යුවළගේ ආදරය මේ වනවිට නම් දෙදරා ගිහින්. ඒ වුණත් මේ චිත්‍රපටය නිසා සල්මන් – කත්‍රිනා යුවළගේ ආදරය අලුත් වෙන්නත් පුළුවන්. මේ ගැන රසිකයන් වගේම ක්ෂේත්‍රය ඇතුළෙත් කතාබහ වෙනවා.

කත්‍රිනා බොලිවුඩයට පා තබන්නේත් සල්මන්ගේ සමීප හිතවතියක් විදියටයි. ඇය රංගන කටයුතුවලදිත් නිතරම සල්මන්ගෙන් උපදෙස් ගත්තා. මේ හිතවත්කම ආදරයකට පෙරළෙන්න නම් වැඩි කාලයක් ගත වුණේ නෑ. ඒ වුණත් කවුරුත් හිතුවෙ නැති විදියට මේ ආදර කතාවත් නැවතුණා. ඉන්පසු සල්මන් – ලුලියා සමඟත් කත්‍රිනා – රන්බීර් සමඟත් කාලය ගත කළේ පෙම්වතුන් විදියටයි.

මේ අතරේ සල්මන් – කත්‍රිනා යුවළට සිනමා තිරයෙ පෙම්වතුන් විදියට රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ Tiger Zinda Hai චිත්‍රපටයෙන්. අලි අබ්බාස්ගේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙන්නේ අබුඩාබිවලයි. සල්මන් – කත්‍රිනාගේ ආදරය අලුත් වෙන්න මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!