Gossip

ටියුෂන් ක්ලාස් එක ඉස්සරහදී මට ප්ලාස්ටික් බෝත‍ලේකින් ගැහුවා – නිපුනිකා හේවාගමගේ

නිපුනිකා හේවාගමගේ කියන්නේ කා අතරත් ජනප්‍රිය චරිතයක්. නිවේදනයට වගේම රංගනයටත් දක්ෂ ඇය සතිඅන්ත පුවත්පතක් සමග ඇගේ තොරතුරු කියලා තිබුණේ මේ විදියට.

නිපුනිකා නිතර දකින්නට ලැබෙන නිළියක් නොවේ ..ඇයි ඒ රංගනයේ යෙදෙන්නේ තෝරා බේරාගෙනද .. ?
මම මහ ලොකු තෝරා ගැනීමක් කරන්නේ නැහැ. ඒත් මගෙ සීමාවන් තුළ කළහැකි චරිත පමණයි මම භාරගන්නේ.අනික මට තෝරාගෙන රඟපාන්න තරම් ආරාධනා රැසක් ලැබෙන්නෙත් නෑ..

වැඩියෙන්ම ගැමි චරිතම රඟපෑවට නිපුනිකා කොළඹ යුවතියක් .
ඔව් .. ඇත්තටම මෙච්චර කල් මම රඟපෑ චරිත අතුරින් වැඩිම ප්‍රමාණයක් රඟපෑවේ ගැමි චරිත තමයි. ඒත් මම ඉපදුනේ හැදුණේ වැඩුණේ කොළඹ. මගේ ගම ගල්කිස්ස. ඉගෙනගත්තේ කොළඹ 7 කාන්තා විදුහලින් .

එහෙම පසුබිමක මේ තරම් අපූරුවට ගැමි චරිත රඟපාන්නේ කොහොමද.. ?
මම හිතන්නේ මගේ පෙනුම ඊට බලපානවා ඇති. අනික අපේ ගෙදර පරිසරය තුළ තියෙන්නෙත් නාගරික සංකර බවක් ‍නෙවෙයි. පුංචි කා‍ලේ ඉඳන් මම හැදුනෙත් නීතිරීති මැද.

පුංචි කා‍ලේ විතරක් ‍නෙවෙයි දැනුත් නිපුනිකා අම්මගෙන් දඬුවම් ලබන අවස්ථා තියෙනවා කියල තමයි ආරංචි?
ඒක ඇත්ත. තාත්තා නම් දඬුවම් දෙන්නෙ නැහැ. ඒත් අම්මගෙන් නම් ගුටිකාපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

පවු‍ලේ සහෝදර සහෝදරියන් අතරින් වැඩියෙන්ම ගුටිකාලා තියෙන්නේ නිපුනිකා නේද .?
පවු‍ලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලියි විතරයි. මල්ලි එච්චර දඟ නැහැ. මම නම් පුංචි කා‍ලේ ඉඳන් ටිකක් දඟ චරිතයක් . ඒ හින්දා වැඩියෙන්ම ගුටිකාලා තියෙන්නේ මම.

ඒ අතරින් මතකයේ තදින්ම රැඳුණු සිද්ධිය මොකක්ද.. ?
ඒක වුණේ මම උසස්පෙළ හදාරන කාලෙදි. එක දවසක් මොකක්දෝ වරදකට අපේ අම්මා මගේ ටියුෂන් ක්ලාස් එක ඉස්සරහදීම මට ප්ලාස්ටික් බෝත‍ලේකින් ගැහුවා. ඒ සිද්ධිය පන්තියේ හැමෝම බලාගෙන හිටියා.

රටම හඳුනන නිළියක් වුණාට පස්සෙ අන්තිමට අම්මගෙන් ගුටි කෑවේ කවදද .. ?
නිළියක් වුණත් ගෙදරදී මම සාමාන්‍ය ගෑනු ළමයෙක්. අදටත් මම හැදෙන්නේ නීතිරීති මැද.. දැනටත් මම අම්මගෙන් ගුටිකන අවස්ථා තියෙනවා. මීට මාස කීපයකට කලිනුත් අම්මත් එක්ක එකට එක කියන්න ගිහින් ගුටිකන්න වුණා.

නිපුනිකා මේ වෙනවිට ටෙලි නාට්‍යය කීයක රඟපාලා තියෙනවද .. ?
ටෙලි නාට්‍යය 35 ක විතර රඟපාලා තියෙනවා.

ඒ අතුරින් වඩාත්ම ප්‍රිය කරන ටෙලි නාට්‍යය මොකක්ද .. ?
මගේ මුල්ම ටෙලි නාට්‍යය නාලන් මෙන්ඩිස් මහතාගේ “දූවරු” ටෙලි නාට්‍යය. අදටත් මම වඩාත්ම ප්‍රිය කරන්නේ “දූවරු” නාට්‍යයට

මොනවද ඉදිරි නිර්මාණ .. ?
මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යය දෙකකට සම්බන්ධවෙලා ඉන්නවා. කලින් කරපු නිර්මාණ කීපයකුත් එන්න තියෙනවා.

ටෙලි නාට්‍යවල ප්‍රේමවන්තිය වන නිපුනිකා සැබෑ ජීවිතේදිත් පෙම්වතියක්ද .. ?
ඔව් ..

ඔබේ ප්‍රේමවන්තයා නළුවෙක්ද … නැත්නම් කලාවට සම්බන්ධ කෙනෙක්ද .. ?
නළුවෙකුත් ‍නෙවෙයි. කලාවට කිසිම සම්බන්ධයකුත් නැහැ.. වැඩි විස්තර ඉදිරියෙදි කියන්නම් ..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!